Header

Sri Lanka Army

Defender of the Nation

27th January 2020 16:51:22 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් නියෝජනය කරමින් නැගෙනහිර ආඥාපතිතුමන් ආගමික උත්සවයකට සහභාගී වේ

පාගොඩ ගුරුකුඹුර ආදිවාසී ජනඋරුම විහාරස්ථානයේ ඉදිකිරිමට නියමිත චෛත්‍ය රාජයාණන් වහන්සේ වෙනුවෙන් මුල්ගල තැබිමේ පිංකම සඳහා ඉකුත් සෙනසුරාදා (25) දින ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නියෝජනය කරමින් නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු සහභාගී වූහ.

දඹාන ගුරුකුඹුර ආදිවාසී ජනඋරුම විහාරස්ථානයේ විහාරාධිපති ගල්පෝරුයාය ප්‍රදීපවංශ හිමියන් විසින් චෛත්‍ය රාජයාණන් වහන්සේට මුල් ගල් තැබීමේ පිංකමේ ප්‍රධාන අමුත්තා ලෙස පැමිණෙන ලෙස ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙත ආරාධනා කරන ලද අතර නොවැලැක්විය හැකි හේතුවක් නිසා යුද්ධ හමුදාධිතිතුමන්ට එම අවස්ථාවට සහභාගීවීමට නොහැකි වන බැවින් නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දුට තමා නියෝජනය කරමින් සහභාගී වන ලෙස යුද්ධ හමුදාධිපතිතුමන් දැනුම් දී තිබුණි.

මෙම පිංකම සඳහා සියම් නිකායේ අස්ගිරි විහාර පාර්ශවයේ අනුනායක වරකාගොඩ ගුණරතන මහා නායක හිමියන්, නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ප්‍රධාන සංඝනායක වතුරකුඹුරේ ධම්මරතන නායක හිමියන්, ගම්පහ බවුන්පැලැස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ වල්පොල ගෝතම හිමියන් ඇතුළු බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා සහභාගී වූහ. තවද, මෙම අවස්ථාවට ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියාල ඇත්තෝ ඇතුළු ආදීවාසාන් පිරිසක් සහ විශාල බැතිමතුන් පිරිසක් සහභාගී විය. Best Sneakers | Hats to Match Jordans Hyper Royal Bulls Hat