Header

Sri Lanka Army

Defender of the Nation

27th January 2020 18:00:43 Hours

දිවිපිදු ඉන්දීය සාම සාධක හමුදාවේ විරෝදාර රණවිරුවන් යාපනයේ දී අනුස්මරණය කරයි

2020 ජනවාරි මස 26 දිනට යෙදී තිබු ඉන්දිය ජනරජ 71 වන සංවත්සරයට සමගාමීව ඉන්දීය සාම සාධක හමුදාවේ (IPKF) විරෝධාර රණවිරුවන් අනුස්මරණය කිරීමේ උත්සවයක් ඉකුත් ඉරිදා (26) දින යාපනයේ පිහිටි ඉන්දීයානු සාමසාධක හමුදා ස්මාරකය අභියසදී පැවැත්විණි.

මෙම උත්සවයේ දී, වැඩබලන ආරක්‍ෂක මාණෟඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදධිපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නියෝජනය කරමින් යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය සහභාගී වූ අතර එම අවස්ථාව සඳහා යාපනයේ ඉන්දීය කොන්සල් ජෙනරාල් එස්. බාලචන්ද්‍රන් මහතා ද සහභාගී විය. එහිදී ඔවුන් දිවිපිදු ඉන්දීය සාම සාධක හමුදාවේ විරෝධාර රණවිරුවන් සිහිපත් කරමින් පලාලි පිහිටි ඉන්දීයානු සාමසාධක හමුදා ස්මාරකය වෙත පුෂ්පෝපාහාර පුද කළහ.

ශ්‍රී ලංකාවේ ඉල්ලීම පරිදි එල්ටීටීඊ ත්‍රස්තවාදයේ උච්චතම අවධියේදී ඉන්දීය සාම සාධක හමුදාවේ (IPKF) සෙබළුන් මෙරටට පැමිණියේ උතුරු හා නැගෙනහිර සාමය පවත්වා ගැනීම සඳහා සහාය වීම සඳහා ය. එහිදී, පැවති ක්‍රියාන්විතයන්හි දී ඉන්දීය හමුදා භටයින් හටද දිවි පිදීමට සිදුවිය. Sport media | Womens Shoes Footwear & Shoes Online