Header

Sri Lanka Army

Defender of the Nation

21st January 2020 17:40:57 Hours

යුද්ධ හමුදා දිවියෙන් නික්මයන මේජර් ජෙනරාල් කුමාරප්පෙරුමට ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ගෞරවාචාර

ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලසේනාවේ වසර 34 කට අධික සේවා කාලයක් සම්පූර්ණ කර තම මව්බිම වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටු කරමින් යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම යෑමට නියමිත ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන මේජර් ජෙනරාල් වසන්ත කුමාරප්පෙරුම වෙනුවෙන් එම රෙජිමේන්තු මූලස්ථානයේදී ඉකුත් සිකුරාදා (24) දින සමුගැනිමේ උත්සවයක් මහත් උත්කර්ෂවයෙන් පැවැත්විණි.

අඹේපුස්ස ප්‍රදේශයේ පිහිටි රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැති එම සමුගැනීමේ උත්සවයේදී යුද්ධ හමුදා දිවියෙන් නික්මයන මේජර් ජෙනරාල් වසන්ත කුමාරප්පෙරුම වෙත ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් සහ වර්ණවත් සම්මාන ආචාර පෙළපාලියක් පිරිනමනු ලැබීය.

ඉන් අනතුරුව, මාතෘභූමිය වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් රෙජිමේන්තු මූලස්ථානයේ ඉදිකර ඇති රණවිරු ස්මාරකය වෙත පූෂ්පෝපහාර පුද කළ නික්මයන ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් බළලත් නිලධාරි සහ සැරයන් නිවස්නයේ පැවති තේ පැන් සංග්‍රහයකට ද සහභාගී විය.

නික්ම යන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සියලුම නිලධාරින් සමඟ නිලධාරී නිවස්නයේ පැවැති විශේෂ දිවා භෝජන සංග්‍රහයට සහභාගි වූ අතර එහිදී එතුමන් සිය හමුදා දිවිය තුළ තමාට ලබාදුන් සහයෝගය වෙනුවෙන් සියලුම නිලධාරීන්ට සහ යුද්ධ හමුදා සාමාජිකයින් වෙත සිය ස්තූතිය පුද කළහ. මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් ඇතුළු ඔවුන්ගේ භාර්යාවන් සහභාගි වූහ.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ සමුගැනීමේ උත්සවය සඳහා ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් මනෝජ් මුදන්නායක, මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ, වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරි, මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න, 12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් දීප්ති ජයතිලක ඇතුළු ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක, නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක සහ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු ද සහභාගි වූහ. Running Sneakers Store | Releases Nike Shoes