21st January 2020 13:19:54 Hours
‘ප්‍රීතිමත් හමුදා ජිවිතයක්’ යන තේමාව ඔස්සේ යුද්ධ හමුදා නිලධාරීන් සහ සෙසුනිලයින් දැනුවත් කිරීමේ තවත් අධ්‍යාපනික දේශන සැසියක් යුද්ධ හමුදා මුලස්ථානයේ මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලය සහ නිවාරණ වෛද්‍ය හා මානසික සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් ඉකුත් බ්‍රහස්පතින්දා (23) දින මහනුවර ප්‍රදේශයේ පිහිටි 11 වන සේනාංක මුලස්ථානයේදී සංවිධානය කරන ලදී.
මෙම සැසිවාරයේදී, ‘සියදිවි හානි කරගැනීම වැළැක්වීම’, ‘මානසික ආතතිය සහ ප්‍රීතිමත් ජිවිතයක් ගත කිරීම’, ‘ගැටලු නිරාකරණය කරගැනීම’ යනාදි තේමාවන් අවරණය කරමින් සහභාගී වූවන්ට ඔවුන් වටා ඇති සමාජ ගැටලු පිළිබඳව දැනුවත් කිරීමක් සිදු කෙරිණි.
මෙම දේශන සැසිය යුද්ධ හමුදා මුලස්ථානයේ නිවාරණ වෛද්‍ය හා මානසික සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මේජර් යු.පී. මල්ලවආරච්චි, ලුතිනන් එච්.ජි.එන්. දේශප්‍රිය, ලුතිනන් ජේ.ඩි.යු.සී. ජයකොඩි, ලුතිනන් පී.ඒ.සී.පී.කේ. පේදුරුආරච්චි සහ ලුතිනන් කේ.පී.කේ. චේතිය විසින් මෙහෙයවනු ලැබූ අතර ඒ සඳහා 11 වන සේනාංකය යටතේ සේවයේ නියුතු නිලධාරීන් 7 ක් සහ සෙසුනිලයින් 135 දෙනෙකු සහභාගි වූහ.Nike air jordan Sneakers | Autres