Header

Sri Lanka Army

Defender of the Nation

20th January 2020 20:42:22 Hours

වන්නි භටපිරිස් විසින් ඉදිකළ තවත් නව නිවසක් අඩු ආදායම්ලාභි පවුලකට

වන්නි ප්‍රදේශයේ යුද්ධ හමුදා භටපිරිස් විසින් සිදු කරනු ලබන නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියේ තවත් එක් සංධිස්ථානයක් සනිටුහන් කරමින් යුද්ධ හමුදා භටපිරිස් විසින් ඉදිකරනු ලැබූ 15 වන නිවස ඉකුත් සඳුදා (20) දින එලයාපත්තුව ප්‍රදේශයේ පැවති කෙටි උත්සවයකදී එම ප්‍රදේශයේ නිවසක් නොමැති අඩුආදායම්ලාභි පවුලක් වෙත පවරාදෙනු ලැබීය.

212 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් අනිල් පීරිස් ගේ සම්බන්ධීකරණයෙන් ඕස්ට්‍රේලියාවේ සිට පැමිණි විදේශිකයන් දෙදෙනෙකු වන එඩී රොබින්සන් (Eddie Robinson) සහ ගේල් රොබින්සන් (Gayle Robinson) යන මහත්වරුන්ගේ මූල්‍යමය අනුග්‍රහය ඇතිව වන්නි ප්‍රදේශයේ සේවයේ නියුතු 7 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය සහ 5 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ සේවයේ නියුතු භටපිරිස් විසින් මෙම නව නිවස ඉදිකරනු ලැබීය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කුමාර් ජයපතිරණ සහභාගී වූ අතර සියලු චාරිත්‍ර වාරිත්‍රවලින් අනතුරුව එතුමන් විසින් ප්‍රතිලාභීන් වෙත නිවසේ යතුරු භාරදෙනු ලැබීය.

ජිවත්වීමට නිවසක් නොමැතිකම හේතුවෙන් විවිධ දුෂ්කරතාවන්ට මුහුණදුන් නිවාසලාභි කේ. බී. අසංක ප්‍රදීප් බණ්ඩාර මහතා සහ සිය දරුවන් පස්දෙනා දැඩි ලෙස පීඩාවට පත්ව සිටියහ. එම පවුල අත්විදින දුෂ්කරතාවය පිළිබඳ පරිත්‍යාගශිලි විදේශිකයන් දෙදෙනා දැනුවත් කිරීමෙන් අනතුරුව මෙම කර්තව්‍ය සිදුකළ හැකි හොඳම කණ්ඩායම යුද්ධ හමුදාව බව වටහාගත් එම විදේශිකයින් යුද්ධ හමුදාව පිළිබඳ පූර්ණ විශ්වාසය තබමින් යුද්ධ හමුදාවේ සහයෝගය ඇතිව මෙම ව්‍යාපෘතිය සිදුකිරීමට ඔවුන් ඉදිරිපත් විය.

ඒ අනුව, 7 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය සහ 5 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ කාර්මික කාර්ය මණ්ඩලය, ඉංජිනේරුවන් සහ යුද්ධ හමුදාවේ දක්‍ෂ සාමාජිකයින් එක්ව සාලයක්, කෑම කාමරයක්, නිදන කාමර සහ මුළුතැන්ගෙයක් සහිත මෙම නව නිවස ඉදිකරන ලදී.

මෙම ව්‍යාපෘතිය වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරි ගේ උපදෙස් මත සිදුකරනු ලැබීය. වන්නි ප්‍රදේශයේ භටපිරිස් විසින් නිවාස නොමැතිව පීඩා විඳින දිළිඳු පවුල් සඳහා සිය මූලිකත්වයෙන් ඉදිකරනු ලැබූ 15 වන නිවස මෙයයි.

තවද, මෙම උත්සවයේදී එම දානපතියන් විසින් ප්‍රතිලාභීන් වෙත රුපියල් ලක්‍ෂයක වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය ගෘහ භාණ්ඩ සහ විදුලි උපකරණ ප්‍රදානය කරනු ලැබිය. එම අවස්ථාවේදී සියලුදෙනා ආගමික වතාවත් සිදුකරමින් ආශිර්වාද ලබාගත්හ.

මෙම අවස්ථාව සඳහා 212 වන බලසේනාවේ බලසේනාධිපති, වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරින්, 7 වන (ස්වෙච්ඡා) සන්නාහ සන්නද්ධ බලකායේ සහ 5 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරින් මෙන්ම ප්‍රතිලාභීන්ගේ පවුලේ සාමාජිකයන්, අසල්වැසියන් සහ ප්‍රදේශයේ සිවිල් වැසියන් රැසක් සහභාගී වූහ. latest Nike release | Sneakers Nike