Header

Sri Lanka Army

Defender of the Nation

21st January 2020 12:40:22 Hours

යුද්ධ හමුදාවත් - විදුලි බල මණ්ඩලයත් එක්වී ‘තුරු මිතුරු නව රටක්’ ව්‍යාපෘතිය මන්නාරමේදී

වන සංරක්‍ෂණය සහ නගර අලංකරණය කිරිමේ අරමුණින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් මේ වනවිට දියත් කරනු ලබන ‘තුරු මිතුරු නව රටක්’ ව්‍යාපෘතියේ තවත් එක් අදියරක් ලෙස මන්නාරම විදුලිබල මණ්ඩලයේ සහයෝගය ඇතිව ශ්‍රී ලංකා යුද්ධ හමුදා භටපිරිස් එම ප්‍රදේශයේ කුඹුක් සහ මී වැනි ආර්ථික වටිනාකමින් යුත් පැළ 250 කට වැඩි ප්‍රමාණයක් පසුගියදා රෝපණය කරනු ලැබීය.

ලංකා විදුලිබල මණ්ඩලයේ 50 වන සංවත්සරයට සමගාමීව ලංවීම ඉදිකිරීම් සහ ස්ථාපන ව්‍යාපෘතියක් වශයෙන් වනාන්තර සංරක්‍ෂණය කරමින් මෙම රුක් රෝපණ ව්‍යාපෘතිය සංවිධානය කර තිබිණි.

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරීගේ උපදෙස් මත 54 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් සුභාෂන වැලිකල ගේ අධීක්‍ෂණය යටතේ ලංකා විදුලිබල මණ්ඩලයේ සහයෝගය ඇතිව එම සේනාංකයේ භටපිරිස් විසින් මෙම රුක් රෝපණ වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය.

මෙම ව්‍යාපෘතිය සඳහා 54 වන සේනාංකයේ නිලධාරීන් ඇතුළු සෙසුනිලයන් 25 කට වැඩි පිරිසක් මෙන්ම ලංකා විදුලබල මණ්ඩලයේ සාමාජිකයින් ද එක්ව සිටියහ. Nike shoes | Nike