Header

Sri Lanka Army

Defender of the Nation

17th January 2020 17:59:34 Hours

යුද්ධ හමුදාව විසින් සකස් කරන ලද නව ජල නල පද්ධතියෙහි ප්‍රතිලාභය කිලිනොච්චියේ සිසු සිසුවියනට

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත ගුණරත්න ගේ උපදෙස් මත ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ 16 වන කොළඹ බාලදක්ෂ කණ්ඩායමේ අනුග්‍රහකත්වය ඇතිව කිලිනොච්චි ප්‍රදේ‍ශයේ සේවයේ නියුතු යුද්ධ හමුදා භටපිරිස් විසින් ඉකුත් ඉරිදා (12) දින සිවනගර් රජයේ දම්ළ මිශ්‍ර පාසලේ සිසු සිසුවියන්ගේ ප්‍රයෝජනය සඳහා නව ජල නල පද්ධතියක් ස්ථාපනය කළහ.

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 66 වන සේනාංකය යටතේ ඇති 5 වන ස්වේච්ඡා යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් පරිත්‍යාගශීලීන්ගේ ආධාර උපකාර ඇතිව නව පොදු ජල ටැංකියක් ඉදිකොට ඊට ජල නල පද්ධතියක් නිසිලෙස සකස්කොට නිමකරන ලදී.

පාසලේ විදුහල්පති, ගුරුවරුන්, දෙමාපියන් සහ සිසු සිසුවියන් යුද්ධ හමුදා සාමාජිකයින්ගේ මෙම ක්‍රියාව අගය කරමින් සාමූහික අනුග්‍රාහකත්වය වෙනුවෙන් පරිත්‍යාගශීලීන්ට ස්තූතිවන්ත වූහ. Asics shoes | Cactus Plant Flea Market x Nike Go Flea Collection Unveils "Japan Made" Season 4