Header

Sri Lanka Army

Defender of the Nation

12th January 2020 22:47:08 Hours

යුද්ධ හමුදා සාමජිකයින් තෙලිප්පලෙයි පිළිකා රෝහල වෙත ගමන් ගන්නා මාර්ගය නැවත පිළිසකර කරයි

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය ගේ උපදෙස් පරිදි යාපනය තෙලිප්පලෙයි පිළිකා රෝහලේ සුභසාධන නිවසට පිවිසෙන මාර්ගය ප්‍රදේශයේ සමාජ සේවිකාවක් වන අරුන්දති එඩ්වඩ්පුල්ලේ මහත්මියගේ අනුග්‍රහය ඇතිව යුද්ධ හමුදා සාමාජිකයින් විසින් කොන්ක්‍රීට් දමා නැවත ප්‍රතිසංස්කරණය කරන ලදී.

10 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුව, 10 වන ක‍්ෂේත්‍ර ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුව, 2 වන ගැමුණු හේවා බලඇණිය සහ 5 වන ඉංජිනේරු සේවා බලකායේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සාමුහික ප්‍රයත්නයන්, රෝහල් කාර්යය මණ්ඩලය සහ සිවිල් වැසියන්ගේ පැසසුමට ලක්විය. මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අරුන්දති එඩ්වඩ්පුල්ලේ මහත්මිය විසින් අරමුදල් සපයනු ලැබීය.

යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය විසින් ඉකුත් සෙනසුරාදා (11) දින සංවිධානය කරන ලද විධිමත් උත්සවයකදී ප්‍රතිසංස්කරණය කරන ලද මාර්ගය විවෘත කරන ලදී. මෙම උත්සව අවස්ථාව සඳහා පරිත්‍යාගශිලී අරුන්තති එඩ්වඩ්පුල්ලේ මහත්මිය, 51 වන සේනාංකයේ සේනාංකාධිපති, උතුරු පළාතේ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ, වෛද්‍යවරුන් සහ රෝහල් කාර්යය මණ්ඩලය, යුද්ධ හමුදා නිලධාරීන්, යුද්ධ හමුදා සාමාජිකයින් සහ ගම්වැසියන් සහභාගි වුහ.

දිනකට සියගණනක් පැමිණෙන රෝහලේ සුභසාධන නිවාසයට යන මාර්ගය බොහෝ අබලන් වී ඇති අතර වලවල් විශාල ප්‍රමාණයක් තිබීම නිසා ඇතුළුවන හා පිටවන රෝගීන් සහ වාහන මහත් අපහසුතාවයට පත්විය. Running Sneakers Store | Patike – Nike Air Jordan, Premium, Retro Klasici, Sneakers , Iicf