Header

Sri Lanka Army

Defender of the Nation

12th January 2020 12:19:12 Hours

යාපනය ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් සුහද හමුවක් පැවැත්වීමට යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය පහසුකම් සපයයි

යාපනය අර්ධද්වීපයේ පදිංචි විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය විසින් සංවිධානය කරනු ලැබු සුහද හමුවක් ඉකුත් සෙනසුරාදා (11) දින එම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය ගේ මුලිකත්වයෙන් තල්සෙවණ නිවාඩු නිකේතනයේදී පැවැත්විණි.

වර්ෂ 1980 සහ 1990 දශකවල වසර 22 කට අධික සේවා කාලයක් සම්පුර්ණ කර විශ්‍රාම ගිය ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ අතීත මතකයන් මෙම සුහද හමුවේදී ඔවුන් සිහිපත් කළහ. යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය විසින් දිවා භෝජන සංග්‍රහය ලබාදුන් අතර යුද්ධ හමුදා සංගීත කණ්ඩායමේ සංගීතයෙන් ඔවුන් විනෝදාස්වාදයට පත්විය.

ත්‍රිවිධ හමුදා විශ්‍රාමිකයින්ගේ විනෝදාස්වාදය වෙනුවෙන් පැවැති මෙම සුහද හමුව සඳහා යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති, 55 හා 51 වන සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන්, යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන් සහ රෙජිමේන්තු සැරයන් මේජර් සහභාගි වූහ. Running Sneakers | Sneakers