Header

Sri Lanka Army

Defender of the Nation

07th January 2020 22:00:43 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ 22 වන සංවත්සරය අති උත්කර්ෂවත් අයුරින් සමරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා 22 වන සංවත්සරය නිමිත්තෙන් එම රෙජිමේන්තු මධයස්ථානය විසින් සංවිධානය කරන ලද සුහද හමුව වර්ෂ 2019 දෙසැම්බර් මස 27 දින ‘කුකුලේගඟ ලයා ලෙෂර්’ (Laya Leisure Kukuleganga) හෝටලයේදී පැවැත්විණි.

මෙම සංවත්සර උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ඩී.ඒ.පී.එන්. දෙමටන්පිටිය සහභාගී විය.

මෙම උත්සවය විනෝදාත්මක අංගයන්ගෙන් සහ ලොතරැයි දිනුම් ඇදීමකින් වර්ණවත් විය. සංවත්සර උත්සව කටයුතු අවසානයේ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කර්නල් සේනාවිධායකතුමන් විසින් ජාත්‍යන්තර මට්ටමින් දක්‍ෂතා දැක්වූ එම රෙජිමේන්තුවේ ක්‍රීඩිකාවන්ට විශේෂ සහතිකපත් ප්‍රදානය කරනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සියලුම නිලධාරීණියන් සහ සෙසුනිළයින් සහභාගී වූහ. Nike Sneakers Store | adidas Campus 80s South Park Towelie - GZ9177