Header

Sri Lanka Army

Defender of the Nation

07th January 2020 22:08:16 Hours

53 වන සේනාංකය පලුගස්වැව ප්‍රදේශයේදී සමාජ වගකීම් ව්‍යාපෘතියක් දියත් කරයි

ඉනාමළුව ප්‍රදේශයේ ස්ථාපිත 53 වන සේනාංකයේ භට පිරිස් ඉකුත් සෙනසුරාදා (4) දින ගර්භනී කාන්තාවන්, ශාරීරික ආබාධ සහිත සිවිල් වැසියන්, පාසල් සිසුන් සහ රෝගී පුද්ගලයින් ඇතුළු පලුගස්වැව ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල්වල සිවිල් වැසියන් 1600 කට අධික පිරිසකට සහන සැලසීමේ සුභසාධන ව්‍යාපෘතියක් දියත් කරන ලදී.

කොළඹ ජාතික සංචාරක මාර්ගෝපදේශකයින්ගේ සහ කථිකාචාර්යවරුන්ගේ සිංහ සමාජය විසින් මෙම මහඟු පූණ්‍යකර්මයට අනුග්‍රාහකත්වය දැක්වූ අතර පලුගස්වැව ආලෝකා විහාරස්ථානයේදී පෝෂ්‍යදායි ආහාර මලු 100 ක්, ඇස් කන්ණාඩි 1500 ක්, රෝද පුටු 10 ක් ඇතුළු පාසල් උපකරණ තොගයක් ගර්භනී කාන්තාවන්, දෘෂ්‍යාබාධිත පුද්ගලයින්, ශාරීරික ආබාධ සහිත සිවිල් වැසියන් සහ පාසල් සිසු සිසුවියන්ට බෙදාදුන්හ.

මීට අමතරව, ප්‍රදේශයේ පදිංචි සිවිල් වැසියන්ට නිදන්ගත වකුගඩු රෝග, දියවැඩියාව, දන්ත සායන වැනි රෝගයන් පරික්‍ෂා කරගැනීම සඳහා ජංගම වෛද්‍ය සායනයක් ද පවත්වන ලදී. තවද, එම අවස්ථාවේදී අනුරාධපුර ලේ බැංකුවේ සහාය ඇතිව රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා රුධිර පරිත්‍යාග වැඩසටහනක් ද පැවැත් වූහ.

53 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් එච්.එච්.ඒ.එස්.පී.කේ සේනාරත්න ගේ සහයෝගය ඇතිව මෙම වැඩසටහන් සංවිධානය කරන ලදී. url clone | Buy online Sneaker for Men