Header

Sri Lanka Army

Defender of the Nation

06th January 2020 08:37:16 Hours

1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ යුද්ධ හමුදා සාමාජිකයින් ප්‍රජා ව්‍යාපෘතියක් දියත් කරයි

කිළිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානයට යටතේ ස්ථාපිත 57 වන සේනාංකයට අයත් 573 වන බලසේනා මූලස්ථානයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමජිකයින් විසින් දැනට ක්‍රියාත්මක වන ආයතනික සමාජ වගකීම් ව්‍යාපෘතිවල කොටසක් ලෙස ඉකුත් බ්‍රහස්පතින්දා (2) දින ‘ඌරියන්’ පෙර පාසල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ස්වයං උපකාර ශ්‍රමදාන වැඩසටහනක් දියත් කරන ලදී.

මෙම ප්‍රජා ව්‍යාපෘතිය 573 වන බලසේනාව යටතේ ඇති 1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීතුමන් සහ භටපිරිස් ඇතළු ප්‍රදේශයේ ගම්වැසියන් පිරිසක් සමඟ එක්ව ක්‍රීයාත්මක කළේය.

ශ්‍රමදාන වැඩසටහන 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රදීප් ද සිල්වා ගේ උපදෙස් පරිදි 573 වන බලසේනාවේ බලසේනාධිපති ගේ අධික්‍ෂණය යටතේ සිදුකරන ලදී. Buy Kicks | Nike Shoes