Header

Sri Lanka Army

Defender of the Nation

06th January 2020 14:37:16 Hours

බුත්තල පිහිටි නිලධාරී ප්‍රවර්ධන ප්‍රගමන මධ්‍යස්ථානයේ ඒකක අණදෙන නිලධාරි පාඨමාලා අංක - 6 සහ කනිෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලා අංක -18 ආරම්භ කරයි

නිලධාරීන් අතර හමුදා වෘත්තීමයභාවය නංවාලීම වෙනුවෙන් බුත්තල පිහිටි නිලධාරි ප්‍රවර්ධන ප්‍රගමන මධ්‍යස්ථානය විසින් පවත්වනු ලබන ඒකක අණදෙන නිලධාරි පාඨමාලාව (UCC) 6 සහ කනිෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලා (JCC) 18 යන පාඨමාලා ඉකුත් සිකුරාදා (3) දින කෙටි උත්සවයකින් ආරම්භ කළ අතර එහිදි නිලධාරි ප්‍රවර්ධන ප්‍රගමන මධ්‍යස්ථානයේ සේනාවිධායක මේජර් ජෙනරාල් ජයනාත් ජයවීර විසින් ඔවුන් අමතනු ලැබීය.

මෙම පාඨමාලා සඳහා ලුතිතන් කර්නල් සහ මේජර් නිළයේ නිලධාරීන් 24 දෙනෙකුද මේජර් සහ කපිතන් නිළයේ නිලධාරීන් 53 දෙනෙකුද පිළිවෙලින් ඒකක අණදෙන නිලධාරි පාඨමාලාවට සහ කනිෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව සඳහා ලියාපදිංචි වී ඇති අතර කනිෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව 18 සඳහා එක් නේපාල නිලධාරීයෙකුද සහභාගි වේ.

සමාරම්භක දේශනයේදී පාඨමාලාව සඳහා සහභාගි වුවන් මේජර් ජෙනරාල් ජගත් ජයවීර විසින් ඇමතූ අතර එහිදි මෙම වෘත්තීය පාඨමාලා දෙක හැදෑරිමේ වැදගත්කම ඉස්මතු කර දැක්වීය. අනතුරුව යුද්ධ හමුදා ජිවිතයේදී පක්ෂපාතිත්වය, අඛණ්ඩතාව, විනය, මනසේ සමබරතාවය, ආකල්ප සහ ප්‍රවේශයන් යනාදි සාරධර්ම උකහා ගැනීමේ වටිනාකම ද ඔහු අවධාරණය කළේය.

නිලධාරී ප්‍රවර්ධන ප්‍රගමන මධ්‍යස්ථානයේ ප්‍රධාන උපදේශක කර්නල් ඩබ්ලිව්.එස්.එන්. හේමරත්න ද මෙහිදී අදහස් දැක්වීය. මෙම සමාරම්භක අවස්ථාවට උපදේශකවරුන්, පරිපාලන කාර්ය මණ්ඩලය සහ නිලධාරී ප්‍රවර්ධන ප්‍රගමන මධ්‍යස්ථානයේ හි ස්ථිර කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් ද සහභාගී වූහ.bridgemedia | Nike Shoes