Header

Sri Lanka Army

Defender of the Nation

06th January 2020 10:37:16 Hours

ශ්‍රී ලංකා රයිෆල් බළකායේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් උඩුදුම්බර ප්‍රදේශයේ පැළ රෝපණය කිරීමට දායකවේ

යුධ හමුදාවේ දැනට ක්‍රියාත්මක ‘තුරු මිතුරු - නව රටක්’ ව්‍යාපෘතියට නව ප්‍රබෝධයක් ලබා දෙමින් මධ්‍යම ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ මහනුවර පල්ලේකැලේ පිහිටි 11 වන සේනාංකයේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ඉකුත් අඟහරුවාදා (31) දින උඩුදුම්බර පොප්පිටිය ප්‍රදේශයේ 'මී' සහ 'කුඹුක්' පැළ 1000 ක් රෝපණය කළහ.

වනාන්තර පහත වැටීමේ තත්ත්වය ඉහළ නැංවීම, පාරිසරික හානිය අවම කිරීම, උඩුදුම්බර ප්‍රදේශයේ පැළ සිටුවීමට මහජනතාව දිරිමත් කිරීමේ අරමුණින් ‘අරුණාලෝක’ පදනම සහ කෙන්ගල්ල පුරාණ රජමහා විහාරය එක්ව මෙම ව්‍යාපෘතිය සංවිධානය කළ අතර එමඟින් උඩුදුම්බර සානුවේ පාරිසරික වෙනස්වීම් වලට ඔරොත්තු දීමට භූමිය සැකසීමට දායකවේ.  

11 වන සේනාංකයේ සේනාංකාධිපති ගේ ඉල්ලීම පරිදි ශ්‍රී ලංකා රයිෆල් බළකායේ යුද්ධ හමුදා සාමාජිකයින් 26 දෙනෙකු වැඩසටහන සඳහා සහභාගි වු අතර ඔවුන්ගේ දායකත්වය සමස්ත ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට හැකි විය.Nike air jordan Sneakers | Entrainement Nike