05th January 2020 11:30:55 Hours
කොස්ගම ප්‍රදේශයේ පිහිටි භකාස අණසක මූලස්ථානයේ සිය 40 වන සංවත්සරය ඉකුත් සිකුරාදා (3) දින භකාස අණසක මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරාල් ඩි.කේ.ජි.ඩී සිරිසේන සමඟ එක්ව සමරනු ලැබීය.
භකාස අණසක අඥාපතිතුමන් එම පරිශ්‍රය පැමිණෙන විට යුද්ධ හමුදා සාමාජිකයින් විසින් කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය පිරිනමනු ලැබීය.
සංවත්සර දිනය සනිටුහන් කරමින් එතුමන් විසින් මුලස්ථාන පරිශ්‍රයේ පැළයක් රෝපණය කරමින් සංකේතාත්මක මතකයක් එක් කළේය. අනතුරුව මුලස්ථානයේ සියළුම නිලධාරීන් සහ සෙසුනිළයින් සමඟ එක්ව තේ පැන් සංග්‍රහයක් සඳහා සහභාගි වු අතර සන්ධ්‍යාවේදී බොරළුගොඩ ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානයේ බොධිපුජා පිංකමක් ද පැවැත්විණි.Mysneakers | Nike