Header

Sri Lanka Army

Defender of the Nation

05th January 2020 09:30:55 Hours

68 වන සේනාංකයේ නව මූලස්ථාන ගොඩනැගිලි සංකීර්ණය යුද්ධ හමුදා සාමාජිකයින්ගේ අයිතියට

68 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඒ.එස්. ආරියසිංහගේ මුලිකත්වයෙන් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පිහිටි එම සේනාංක මූලස්ථානයේ දීර්ඝකාලීන අවශ්‍යතාවයක්ව පැවති මූලස්ථාන ගොඩනැගිලි සංකීර්ණය ඉදිකර ඉකුත් අඟහරුවාදා (31) දින එම මූලස්ථාන පරිශ්‍රයේ පැවති සරල උත්සවයකදී යුද්ධ හමුදා සාමජිකයින්ගේ අයිතියට පත් කරන ලදී.

68 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ ආරාධනාවකට අනුව මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න විසින් සමරු ඵලකය නිරාවරණය කර නව මූලස්ථාන ගොඩනැගිලි සංකීර්ණය විවෘත කරන ලදී.

68 වන සේනාංකයේ සේනාංකාධිපති, ඉදිරි නඩත්තු පෙදෙස - මුලතිව් ආඥාපති, මුලතිව් ප්‍රදේශයේ සේවයේ නියුතු බලසේනාධිපතිවරුන් අණදෙන නිලධාරින් සහ මෙම ව්‍යාපෘතියේ ගෘහ නිර්මාණ ශිල්පීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, , නිලධාරින් මෙන්ම සෙසු නිලයින් රැසක්ද සහභාගී වුහ. Authentic Sneakers | Ανδρικά Nike