Header

Sri Lanka Army

Defender of the Nation

05th January 2020 10:52:55 Hours

මඩකලපුව ප්‍රදේශයේ දී පාසල් උපකරණ හා ත්‍යාග පාර්සල් බෙදාදෙයි

23 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ ඉල්ලීම පරිදි, හේමාස් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම විසින් මඩකළපුව ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 183 ක පාසල් සිසුන් සඳහා ඉකුත් සඳුදා (30) දින මඩකළපුව සියෝන් දේවස්ථානයේදී පාසල් උපකරණ සහ ත්‍යාග පාර්සල් බෙදාහරිනු ලැබිණි.

මෙම පාසල් උපකරණ සහ ත්‍යාග පාර්සල් බෙදාහැරීමේ උත්සවයට හේමාස් ෆාමසියුටිකල්ස් පුද්ගලික සමාගමේ අධිපති සතීෂ් කුමාර් මහතා, 231 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ජේ.එස්.බී.ඩබ්ලිව්.පල්ලේකුඹුර ඇතුළු නිලධාරින් කිහිපදෙනෙකු ද සහභාගී විය. මෙම ව්‍යාපෘතිය සඳහා නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු ගේ ආශිර්වාදය හිමිවිය.

මෙම ත්‍යාග පාර්සලය තුල පොත්, පැන්සල්, පාසල් උපකරණ , මෙන්ම පාසල් බැගයක් සහ වතුර බොතලයක් අඩංගු විය. Sports News | New Releases Nike