Header

Sri Lanka Army

Defender of the Nation

01st January 2020 16:20:29 Hours

සෙට්ටිකුලම් මාර්ග බාධකයේදී රුපියල් මිලියන 10 ක් වටිනා හෙරොයින් සොයාගනි

213 වන බලසේනාව යටතේ ඇති 2 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ඉකුත් සඳුදා (30) දින සෙට්ටිකුලම් මංසන්ධියේදී ක්‍රියාත්මක කරනු ලැබූ ක්‍ෂණික මාර්ග බාධකයකදී මැදවච්චිය - මන්නාරම A14 මාර්ගයේ සෙට්ටිකුලම් මංසන්ධියේදී කොළඹ සිට මන්නාරම බලා ධාවනය වන පෞද්ගලික බස් රථයක තිබී කිලෝග්‍රෑම් 1 ක් වටිනා හෙරොයින් පාර්සලයක් සොයාගෙන ඇත.

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් එම බස් රථයේ රියදුරු සහ කොන්දොස්තර ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර පරික්‍ෂණ සඳහා සෙට්ටිකුලම් පොලීසිය වෙත භාරදෙනු ලැබීය.

හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් මිලියන 10 ඉක්මවන බව පොලිසිය පවසයි.latest Nike Sneakers | Zapatillas de running Nike - Mujer