01st January 2020 13:20:29 Hours
මධ්‍යම අරක්‍ෂක සේනා මුලස්ථානයට අයත් 12 වන සේනාංකය යටතේ ඇති 122 වන බලසේනා යුද්ධ හමුදා සාමාජිකයින් විසින් උදයමුල්ල ශ්‍රී ජිනරතනාරාම විහාරස්ථානයේ අනුග්‍රහය සහ පූජ්‍ය කලාවින්නේ ධම්මරක්කිත නායක ස්වාමින්වහන්සේගේ නායකත්වයෙන් ඉකුත් සඳුදා (30) දින හම්බන්තොට මත්තල ශ්‍රී වජිරාරාම මහා විහාරස්ථානයේ දී පැවති ආගමික උත්සවයකදී ප්‍රදේශයේ ගර්භනී මාතාවන් 53 දෙනෙකුට පෝෂ්‍යදායි ආහාර සහ අනෙකුත් අත්‍යාවශ්‍ය දෑ අඩංගු ත්‍යාග පාර්සල් ලබාදී ඔවුන් හට ආශිර්වාද එක් කළාය.
122 බලසේනාවේ බලසේනාධිපතිගේ උපදෙස් පරිදි එම බලසේනාවේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් මෙම වැඩසටහන සඳහා සහභාගි වු සියලුම ගර්භනී කාන්තාවන්ට විශේෂ දිවා භෝජන සංග්‍රහයක් ද සංවිධානය කරන ලදී.spy offers | Nike, adidas, Converse & More