30th December 2019 22:40:38 Hours
කිළිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංක මුලස්ථානය වර්ෂ 2008 ආරම්භ කරනලද අතර එහි 11 වන සංවත්සරය සාම්ප්‍රදායික උත්සවයන්ගෙන් සහ ක්‍රීඩා ඉසව්වලින් සමරනු ලැබීය.
සංවත්සරය පැවති සිකුරාදා (27) දින 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් වසන්ත කුමාරප්පෙරුම වෙත 65 සේනාංකය යටතේ ඇති ඒකකයන්හි භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූලව සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය පිරිනමනු ලැබීය.
පසුව, සේනාංකාධිපතිතුමන් විසින් මාණ්ඩලික නිලධාරීන් සමඟ එක්ව සංවත්සර දිනය සනිටුහන් කරමින් මුලස්ථාන ගොඩනැගිල්ල ඉදිරිපිට පැළයක් රෝපණය කරන ලදී.
සේනාංක මුලස්ථානයේ සියළුම නිලධාරීන් සහ සෙසුනිළයින් තේ පැන් සංග්‍රහයක් සඳහා සහභාගි වීමෙන් අනතුරුව සේනාංකාධිපතිතුමන් විසින් භටපිරිස් අමතන ලදී.
තවද, සහයෝගීතාව සහ සුසංයෝගය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සමස්ත සේනාංකයේම සේවය නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් අතර වොලිබෝල් සහ ක්‍රිකට් තරඟාවලින් ද සංවිධානය කරන ලදී. සංවත්සර දිනය සමරමින් ඉකුත් සෙනසුරාදා (28) දින සවස මූලස්ථාන පරිශ්‍රයේ සංගීත සංදර්ශනයක්ද පැවැත්විණි.affiliate link trace | Women's Nike Superrep