30th December 2019 23:10:38 Hours
පුදුකුඩුඉරිප්පු පිහිටි 682 වන බලසේනා මුලස්ථානයේ සේවයේ නියුතු බළලත් නිලධාරීන් සහ සැරයන්වරුන්ගේ නවාතැන් පහසුකම් සැපයීමට ඉදිකරනු ලැබු නව ගොඩනැගිල්ල 68 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඒ.එස් ආරියසිංහ ගේ ප්‍රධානත්වයෙන් නත්තල් දිනයේ (25) පැවති කෙටි උත්සවයකදී විවෘත කරන ලදී.
682 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එස්. කස්තුරිමුදලි විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි 68 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව නව ගොඩනැගිල්ලේ සමරුඵලකය නිරාවරණය කරමින් 682 බලසේනාවේ කොමිෂන් නොලත් නිලධාරීන් වෙත භාරදෙන ලදී.
68 සේනාංකයේ සහ 682 වන බලසේනාවේ යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සහාය ඇතිව 4 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ නිලධාරීන් සහ සෙසුනිළයින්ගේ තාක්‍ෂණික දැනුම උපයෝගි කර ගනිමින් ඉදිකරන ලද මෙම නව ගොඩනැගිල්ල කාමර 8 කින්, නානකාමර 04 ක් සහ දිග ශාලාවකින් සමන්විතව ඉදිකරන ලදී.affiliate link trace | シューズ