01st January 2020 21:20:29 Hours
ශ්‍රී ලංකා පාබල හමුදාවේ ‘පාබල මේලා’ වාර්ෂික ව්‍යාපෘතිය වර්ෂ 2019 දෙසැම්බර් මස 27 සිට 28 දින දක්වා හික්කඩුව පොදුජන ක්‍රීඩාංගණයේ පැවැත්වුණු අතර එම ප්‍රදර්ශණය දකුණු ප්‍රදේශයේ විශාලතම ජන සමූහය පැමිණි ප්‍රදර්ශණය බවට පත්විය. මෙම ප්‍රදර්ශණය යුද්ධයෙන් රණක්‍ෂිතයට පත් රණවිරුවන් 7 කට වැඩි පිරිසකගේ සහ සිවිල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකුගේ සුභසාධන කටයුතු සහ අනෙකුත් සියළුම දිරිගැන්වීම් සඳහා පවත්වනු ලැබීය.
ශ්‍රී ලංකා පාබල හමුදාව විසින් අරමුදල් රැස්කිරීමේ අරමුණින් පවත්වනු ලබන ‘පාබල මේලා’ ප්‍රදර්ශණය සහ සැණකෙළියේ පළමු දිනය (27) ශ්‍රී ලංකා පාබල හමුදාවේ හිටපු රෙජිමේන්තු අධිපති සහ ජාතික ශිෂ්‍යභට බලකායේ අධ්‍යක්‍ෂ මේජර් ජෙනරාල් (විශ්‍රාමික) රුවන් කුලතුංග විසින් විවෘත කරන ලදී.
මෙම ප්‍රදර්ශණයේ අවසාන දිනයේ (28), ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මෙන්ම බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහින්ද මුලදිගේ සහභාගී වූ අතර සුදුසුකම්ලත් රණවිරුවන් අතර ප්‍රතිලාභ බෙදාහැරීමට ද ඔහු සහභාගී විය. එම අවස්ථාවේදීම, මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ විසින් ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ඒකකයේ සුභසාධන කාර්යයන් තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් සභාපති ක්‍රිෂානි මුදලිගේ වෙත රුපියල් මිලියන 5ක් වටිනා චෙක්පතක් පිළිගැන්වීය. තවද, අර්ධ වශයෙන් නිම කරන ලද නිවාස වල ඉදිකිරීම් කටයුතු නිම කිරීමට සහ රණක්‍ෂිතයට පත් රණවිරුවන් 7 දෙනෙකුට සහ සිවිල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකුට නව නිවාස ඉදිකිරීම වෙනුවෙන් මූල්‍යමය ආධාර පිරිනැමීමද එම අවස්ථාවේදීම සිදු කරනු ලැබීය.
විශාල ජනකායක් ආකර්ෂණය කරගත් මෙම දැවැන්ත විනෝදජනක සැණකෙළියේ කොමාන්ඩෝ රෙජිමේන්තුවේ සුනඛ සංදර්ශණ, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ වාහන කොටස් ගැලවීමේ සංදර්ශණ, අංගම්පෝර සටන් කලා ප්‍රදර්ශණ, සංගීත සංදර්ශණ සහ තවත් බොහෝ ත්‍රාසජනක සංදර්ශණ ඇතුළත් විය.
තවද, දින දෙකේම ජනප්‍රිය සංගීත කණ්ඩායම්, කලාකරුවන් සහ විනෝදාස්වාදකයින් සහ ඉතා ජනප්‍රිය ගායන ශිල්පීන් රාත්‍රිය වන තුරුම ප්‍රේක්‍ෂකයින්ට විනෝදාස්වාදය ලබා දීම සඳහා නව හා පැරණි ගීත ගායනා කරමින් විනෝදය, ප්‍රීතිය හා ප්‍රබෝධය ලබා දුන්නේය.url clone | adidas Yeezy Boost 350