30th December 2019 17:08:20 Hours
24 වන සේනාංකයේ භටපිරිස් මජීඩ්පුරම් සහ මල්වත්ත ප්‍රදේශවල මුස්ලිම් හා දෙමළ ප්‍රජාවන් නියෝජනය කරන සිවිල් වැසියන් 250 ක් පමණ පිරිසකගේ සහයෝගයෙන් ඉකුත් සෙනසුරාදා (28) දින ඩෙංගු මර්ධනය කිරීමේ දැවැන්ත ව්‍යාපෘතියක් ආරම්භ කරනු ලැබීය.
ඔවුන් මල්වත්ත - කල්මුනේ මාර්ගයේ (මල්වත්ත හන්දියේ සිට මජීඩ්පුරම් හන්දිය දක්වා) කිලෝමීටර් 3.5 ක පමණ දුරක් ආවරණය කරමින් මාර්ගය දෙපස මදුරුවන් බෝවන ස්ථාන පිරිසිදු කළහ.
24 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් අම්පාර සහ මල්වත්ත ප්‍රදේශයන්හී ඩෙංගු රෝගවාහක මදුරුවන් බෝවන ස්ථාන ඇතිවීමේ අවදානම අවම කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එතුමන් යටතේ සේවයෙහි නියුතු භටපිරිස් වෙත උපදෙස් දුන්නේය.Adidas shoes | Air Jordan