30th December 2019 16:00:38 Hours
යක්කල ප්‍රදේශයේ පිහිටි ‘රණවිරු ඇපරල්ස්’ ඇඟලුම් ආයතනයේ භටපිරිස් විසින් ඉකුත් බ්‍රහස්පතින්දා (26) දින නත්තල් උත්සවයක් පවත්වනු ලැබූ අතර එම ආයතනයේ සේවයේ නියුතු සියළු භටපිරිස් එම උත්සවයේදී විනෝද වූහ.
‘රණවිරු ඇපරල්ස්’ ආයතනයේ සේනාවිධායක මේජර් ජෙනරාල් මංජුල මනතුංගගේ මඟ පෙන්වීම හා උපදෙස් පරිදි මෙම උත්සවය සංවිධානය කරන ලදී.
එහිදී, කර්මාන්ත ශාලාවේ සහ කඳවුරු පරිශ්‍රයේ සේවයේ නියුතු භටපිරිස් වෙත නත්තල් සීයා විසින් රසකැවිලි සහ තෑගී බෙදා දුන් අතර විනෝදජනක හා විශ්මිත සිදුවීම් රැසක් සමඟින් ඔවුන් විනෝදාස්වාදයට පත්විය.
මෙම අවස්ථාව සඳහා ‘රණවිරු ඇපරල්ස්’ ආයතනයේ සේනාවිධායකතුමන්, කර්මාන්තශාලා කළමනාකරු, තවත් ප්‍රධාන තනතුරු දරන්නන් කිහිපදෙනෙක් මෙන්ම එම ආයතනයේ සේවයේ නියුතු සියළුම නිලධාරින් සහ සෙසු නිලයින් ද සහභාගී විය.bridgemedia | Women's Nike Air Force 1 Shadow trainers - Latest Releases , Ietp