Header

Sri Lanka Army

Defender of the Nation

30th December 2019 19:08:20 Hours

ඕමන්තේ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු කඳවුරෙහි නිවාඩු නිකේතනයක් ඉදිකරයි

ඕමන්තේ ප්‍රදේශයේ පිහිටි 21 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සියළු නිලයින් වෙනුවෙන් නව නිවාඩු නිකේතනයක් ඉදිකරනු ලැබූ අතර එය ඉකුත් සඳුදා (30) දින පැවති කෙටි උත්සවයකදී රණවිරුවන්ගේ අයිතියට පත්කරනු ලැබීය.

21 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ජේ.එම්.ජේ. පෙරේරාගේ මුලපිරීමක ප්‍රතිඵලයක් වශයෙන් මෙම නිවාඩු නිකේතනය ඉදිකරනු ලැබීය. 21 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසින් ඉදිකරනු ලැබූ මෙම නිවාඩු නිකේතනය එම ප්‍රදේශය වෙත පැමිණෙන සෑම යුද්ධ හමුදා සාමාජිකයින්ට සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින්ට භාවිතා කල හැකිය.

මෙම නිවාඩු නිකේතනයෙහි ඉදිකිරීම් කටයුතු 56 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්.එම්.ජේ.ආර්.කේ. සෙනෙවිරත්නගේ අධීක්‍ෂණය යටතේ සහ 563 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් කේ.පී.ඒ.පෙරේරාගේ උපදෙස් පරිදි නිම කරන ලදී.

21 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 11 වන සංවත්සරයට සමගාමීව මෙම උණුසුම් උත්සවය පැවැත්විණි. මෙම සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරී සහභාගී විය.

මෙම උත්සවය සඳහා 56 වන සේනාංකයේ සේනාංකාධිපති සහ 563 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන් සමඟ ජ්‍යෙෂ්ඨ නිලධාරින් මෙන්ම 21 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිලධාරින් ද සහභාගී විය.bridge media | Nike