30th December 2019 22:10:38 Hours
දිවයින පුරා මෙතෙක් සිදු වූ විශාලතම වෙරළ පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය ලෙස මෙම දැවැන්ත ව්‍යාපෘතිය දිවයින පුරා විසිර සිටින යුද්ධ හමුදා සාමාජිකයින් සමඟ එක්ව සාමාන්‍ය ජනතාව සමඟ අත්වැල් බැඳගනිමින් ඉකුත් ඉරිදා (29) දින එහි ප්‍රථම අධියර ලෙස කාක දූපතේ සිට මෝදර දක්වා වෙරළ තීරය පිරිසිදු කිරීම යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.
යාපනය අර්ධද්වීපයේ දී, යාපනය ආරක්‍ෂක ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරියගේ උපදෙස් පරිදි එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරින් 40 ක් සහ සෙසුනිලයින් 1035 දෙනෙකුගේ සහභාගිත්වයෙන් ඉකුත් ඉරිදා (29) දින උදෑසන පන්නෙයි සිට චුන්ඩිකුලම් දක්වා වෙරළ තීරය ආවරණය වන පරිදි පිරිසිදු කිරීම් කටයුතු වල නිරත වූ අතර එහිදී වෙරළ තීරය පුරා තිබූ සියළුම අපද්‍රව්‍ය එක්රැස් කරනු ලැබීය. මෙම මෙහෙයුමේදී යුද්ධ හමුදා සාමාජිකයින් විසින් වෙරළ තීරයේ තිබූ ප්ලාස්ටික් බෝතල් සහ තවත් විෂ සහිත අපද්‍රව්‍ය මළු 100කට වැඩි ප්‍රමාණයක් ඉවත් කරනු ලැබීය.
මෙම දිනයේ ව්‍යාපෘතිය සඳහා 51,52 සහ 55 යන සේනාංකයන්හී සේනාකාධිපතිවරුන්, යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරින්, බලසේනාධිපතිවරුන්, ඒකක අණදෙන නිලධාරින්, නිලධාරින් මෙන්ම එම ප්‍රදේශයේ සිවිල් වැසියන්, ස්වෙච්ඡාවෙන් සහභාගී වූවන්, රාජ්‍ය නිලධාරින් සහ තරුණ තරුණියන් විශාල පිරිසකගේ දායකත්වය ලබා දුන්හ.
මේ අතර, මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කරනු ලැබූ වෙරළ පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය එදිනම (29) උදෑසන මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත සෙනවිරත්නගේ සහභාගිත්වයෙන් 59, 68 සහ 64 යන සේනාංක මූලස්ථාන බල ප්‍රදේශයන්හී වෙරළබඩ ප්‍රදේශ ආවරණය කරමින් ආරම්භ කළ අතර ඒ සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් 700 කට වැඩි ප්‍රමාණයක් සිය දායකත්වය සපයනු ලැබීය.
මුලතිව් ප්‍රදේශයේ කෝකිලායි සහ චලෙයි වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියේදී ද සිවිල් වැසියන් ඔවුන්ගේ දායකත්වය එම ව්‍යාපෘතිය සඳහා සපයනු ලැබීය. එම ව්‍යාපෘතියේ සාර්ථකත්වය සඳහා 59 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එල්.පී.ඩබ්ලිව්. පෙරේරා, මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරින්, නිලධාරින් සහ සෙසු නිලයින් සිය දායකත්වය ලබාදුනි.
මේ අතර, කොළඹ ප්‍රදේශයේ පැවැත්වෙන ප්‍රධාන වැඩසටහනට සමගාමීව වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරිගේ අධීක්‍ෂණය යටතේ එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ඇති 54 සහ 62 සේනාංකයන් විසින් ඉකුත් ඉරිදා (29) දින ‘මන්නාරම’ සහ ‘පුල්මුඩේ’ වෙරළ තිරයේ වෙරළ පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් දියත් කරනු ලැබීය.
ඒ අනුව, ‘මුන්ධාන් පිඩ්ඩි’ සිට ‘වන්කාලෙයි’ දක්වා වෙරළබඩ ප්‍රදේශය 12 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ සහ 10 වන (ස්වෙච්ඡා) ගැමුණු හේවා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් පිරිසිදු කරන ලදී. තවද, ‘කයාක්කුලී’ සිට ‘සිලාවතුර’ දක්වා වෙරළබඩ ප්‍රදේශය පිරිසිදු කිරීමේ වැඩසටහනක් 542 වන බලසේනාව යටතේ ඇති 15 වන ගැමුණු හේවා බලඇණිය සමඟ එක්ව 22 වන ගජබා රෙජිමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලැබූ අතර ‘කීරි’ වෙරළබඩ ප්‍රදේශයේ දකුණු තීරුව පිරිසිදු කිරීම් කටයුතු 543 බලසේනාව යටතේ ඇති 5 වන (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තු භටපිරිස් සමඟ එක්ව 7 වන විජයබාහු පාබල රෙජිමේන්තු භටපිරිස් විසින් සිදු කරන ලදී. මන්නාරම වෙරළබඩ ප්‍රදේශය පිරිසිදු කිරීම් කටයුතු සඳහා 24 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ, 2 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ සහ 5 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් සිය දායකත්වය දැක්වූහ.
මන්නාරම ප්‍රදේශයේ වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහන් 54 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඩී.එස්.ඩී. වැලිකන්දගේ උපදෙස් පරිදි එම භටපිරිස් විසින් සංවිධානය කරනු ලැබීය.
එසේම, 62 වන සේනාංකය යටතේ සෙවයේ නියුතු සියළු භටපිරිස් විසින් ‘පුල්මුඩේ’ වෙරළබඩ ප්‍රදේශය දළ වශයෙන් කිලෝමීටර් 15 ක් පමණ ආවරණය වන පරිදි පිරිසිදු කරනු ලැබීය. 62 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජේ.එම්.යූ.ඩී ජයසිංහගේ උපදෙස් පරිදි එම ව්‍යාපෘතිය දියත් කරන ලදී. ආසන්න වශයෙන්, වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ පැවැත්වුණු සියලුම පිරිසිදු කිරීමේ ව්‍යාපෘති සඳහා යුද්ධ හමුදා භටයින් 1000 ක් පමණ සහභාගී වූහ.
එසේම, හම්බන්තොට ප්‍රදේශයේ පිහිටි මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ පිහිටි 12 වන සේනාංකයේ භටපිරිස් ද ඉකුත් ඉරිදා (29) දින දැවැන්ත වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනකට මුලපුරනු ලැබූ අතර ඒ සඳහා නිලධාරීන් 22 දෙනෙකු සහ සෙසු නිලයින් 263 දෙනෙකු දායකත්වය සපයනු ලැබීය. මෙම ව්‍යාපෘතියේ දී යුද්ධ හමුදා භටපිරිස් විසින් ‘කිරින්ද කලපුවේ’ සිට ‘අත්තාල කලපුව’ දක්වා වෙරළ තීරය පිරිසිදු කළහ.
මෙම අවස්ථාව සඳහා මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ සමඟ 12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඒ.එල්.පී.එස්. තිලකරත්න සහ 122 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන් ද සහභාගී විය. මෙම ක්‍රියාන්විතය සඳහා 12 වන සේනාංකය සහ 121, 122 බලසේනාවන් යටතේ සේවයේ නියුතු 9 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, 18 වන ගැමුණු හේවා බලඇණිය, 23 වන ගජබා රෙජිමේන්තුව සහ 3 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුව යන ඒකකයන්හී භටපිරිස් දායක වූහ.
අනෙකුත් ස්ථානයන්හී දි මෙන්ම, නැගෙනහිර යුද්ධ හමුදා කඳවුරු වල සේවයේ නියුතු භටපිරිස් විසින් නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් එච්.ආර්.එන්. ප්‍රනාන්දුගේ උපදෙස් පරිදි 22 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ මෙහෙයවීමන් ඉකුත් ඉරිදා (29) දින ඉතාමත් උනන්දුවෙන් එකිනෙකා සමඟ අත්වැල් බැඳගනිමින් කින්නියා, සාම්පූර්, ත්‍රිකුණාමලය, ඕර්ස් හිල්, මූතූර්, වෙරුගල් සහ උපපුරාල් යන වෙරළබඩ ප්‍රදේශවල දැවැන්ත වෙරළ පිරිසිදු කිරීමේ ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කරන ලදී.
එසේම, 23 වන සේනාංකයේ භටපිරිස් විසින් වාකරේ, කයාන්කර්නි, කල්කුඩා සහ චල්ලතිව් යන ප්‍රදේශයන් වලදී වෙරළ පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් පවත්වනු ලැබූ අතර 24 වන සේනාංකයේ භටපිරිස් විසින් ‘ආරුගම්බේ’ සිට ‘කල්මුනේ’ දක්වා කිලෝමීටර් 60 ක් පමණ දුරකින් යුත් සංචාරක වෙරළ තීරය පිරිසිදු කිරීමේ ක්‍රියාන්විතයෙහි නිරත විය. තවද, අම්පාර සටන් පුහුණු පාසලේ සහ සඳුන්පුර ආධුනිකයින් පුහුණු කිරීමේ පාසලේ පුහුණුව ලබන භටපිරිස් විසින් එම ප්‍රදේශයේ වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කලහ.
අදාළ ප්‍රදේශයන්හී නගර සභාවේ සේවයේ නියුතු සාමාජිකයින් ද යුද්ධ හමුදා භටපිරිස් සමඟ මෙම ව්‍යාපෘති සඳහා සහභාගී වූහ.
තවද, කොහුවල ප්‍රදේශයේ පිහිටි 142 වන බලසේනාවේ භටපිරිස් විසින් ගල්කිස්ස සිට වැල්ලවත්ත දක්වා වූ ජනප්‍රිය වෙරළ තීරය පිරිසිදු කිරීමේ දැවැන්ත ව්‍යාපෘතියක් සංවිධානය කොට ඔවුන්ගේ වගකීම ඉටු කරනු ලැබීය.
බටහිර ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් සමඟ 142 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන්, ඒකක අණදෙන නිලධාරින්, නිලධාරින් සහ සෙසු නිලයින් විශාල පිරිසක් මෙම ව්‍යාපෘතිය සඳහා එක් වූහ.
මේ අතර, ඉකුත් ඉරිදා (29) දින කිලෝමීටර් 6 ක පමණ දුරක් ආවරණය කරමින් වෙන්නප්පුව වෙරළ තීරය පිරිසිදු කිරීම සඳහා 143 වන බලසේනාවේ භටපිරිස් දායක වූහ.
මෙම ව්‍යාපෘතිය සඳහා 143 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ධම්මික දිසානායකගේ උපදෙස් පරිදි 16 වන ගජබා රෙජිමේන්තුව, 1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුව යන ඒකකයන් වල සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ආධුනිකයින් පුහුණු කිරීමේ පාසලේ මෙන්ම සිවිල් ආරක්‍ෂක බලකායේ භටපිරිස් සිය දායකත්වය සපයනු ලැබීය.
මේ අතර, මීගමුව ප්‍රදේශයේ ‘කැපුන්ගොඩ’ ක්‍රිස්තියානි දේවස්ථානයේ සිට ‘තලහේන’ ක්‍රිස්තියානි දේවස්ථානය දක්වා වෙරළබඩ ප්‍රදේශයේ වෙරළ තීරය පිරිසිදු කිරීමට 141 වන බලසේනාවේ 250 කට අධික භටපිරිස් ප්‍රමාණයක් දායක විය. Sports brands | Nike Shoes