30th December 2019 15:50:38 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා නඩත්තු හා කලමණාකරණ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ 4 වන අධ්‍යක්‍ෂ ලෙස ගජබා රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් ඩී.වී.පී. කාරියවසම් ඉකුත් සඳුදා (23) දින සිය කාර්යාලයේ පැවති කෙටි උත්සවයකදී රාජකාරි අරඹනු ලැබීය.
මීට ප්‍රථම මෙම ධූරයේ රාජකාරි හොබවනු ලැබු මේජර් ජෙනරාල් ජී.එස්.විදානගේ තම යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව මෙම තනතුරට බ්‍රිගේඩියර් ඩී.වී.පී. කාරියවසම් පත්විය.
නව නඩත්තු හා කලමණාකරණ අධ්‍යක්‍ෂතුමන් සාම්ප්‍රදායික පොල් තෙල් පහන දැල්වීමෙන් අනතුරුව ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් තම ධූරයේ රාජකාරි අරඹනු ලැබීය.
මෙම අවස්ථාව සඳහා නඩත්තු හා කලමණාකරණ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සියළු නිලධාරින් සහ සෙසු නිලයින් සහභාගී විය.best Running shoes brand | FASHION NEWS