30th December 2019 21:10:38 Hours
සුප්‍රකට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක තිසර පෙරේරා ගජබා රෙජිමේන්තුවේ මේජර් නිළයේ නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලකාය වෙත බඳවාගෙන තිබේ.
හිටපු ජාතික ක්‍රිකට් නායක, දිනේෂ් චන්දිමාල් ද මේ වසරේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවට බැඳී යුද්ධ හමුදා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරනු ලබයි.
වර්ෂ 1989 අප්‍රේල් මස 3 දින උපත ලද තිසර පෙරේරා ශ්‍රී ලංකාවේ බිහිව් නව පරපුරේ ක්‍රීඩකයෙකු ලෙස තුන් ඉරියව්වෙන් දස්කම් දක්වා ඇති ප්‍රසිද්ධ ක්‍රීඩකයෙකු වේ. තිසර පෙරේරා පන්දු යවන්නෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ අතර 19 න් පහළ කණ්ඩායමට එක් වෙමින් ක්‍රීඩාවට අවතීර්ණ විය. වර්ෂ 2007 ජුලි මස පැවති තුන්කොන් ක්‍රිකට් තරඟාවලියේදී සහ ඉන් පසුව ඉන්දියාවට එරෙහිව පැවති තරුණ ටෙස්ට් තරඟයකදී ඔහු කැපී පෙනෙන ලෙස දස්කම් දක්වා ඇත. වර්ෂ 2008 දී මැලේසියාවේ දී පැවති ලෝක කුසලානය තරගාවලිය සඳහා වයස අවුරුදු 19 න් පහළ සංචිතයට ඇතුළත් වීමට ද ඔහු සමත්ව ඇත.
වර්ෂ 2009 අගභාගයේදී ශ්‍රී ලංකාවේ ඉන්දියානු සංචාරයේදී ඇන්ජලෝ මැතිව්ස් වෙනුවට හදිසි ආදේශක ක්‍රීඩකයෙකු ලෙස තිසර පෙරේරා ජාතික සංචිතයට කැඳවනු ලැබීය. බංගලාදේශයේ මිර්පූර්හිදී (Mirpur) පැවති ඔහුගේ තෙවැනි තරඟයේදී, ශ්‍රී ලංකාව ඉන්දියාව අභිබවා යාමට හැකිවන පරිදි පිතිකරණයෙන් සහ පන්දුවෙන් දස්කම් දැක්වීමට ඔහු සමත් විය.
තිසර පෙරේරා ඉන්දියාවට එරෙහිව පැවති තරගාවලියෙදී උපරිම දස්කම් දක්වා ඇත. ඔහු 2010 වර්ෂයේ දී දඹුල්ලේ පැවති තරඟයේදී ඉන්දියාවට එරෙහිව තරඟ වැදුණු සිය මංගල තරගයේදී කඩුලු 5 ක් දවා ගැනිමට සමත් වූ අතර තවද එම වසර අවසානයේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවති තරගයේදී කඩුලු 5 ක් දවා ගනිමින් තරඟය ජයග්‍රාහී මාවතට රැගෙන යාමට සමත් වූහ.
එක්දින තරඟයන්හී දී ඔහු ලැබූ සාර්ථකත්වය තිසර පෙරේරාට කණ්ඩායමේ තමාගේ ස්ථානය තහවුරු කර ගැනීමට රුකුලක් වූ අතර ඒ තුළින් මංගල ටෙස්ට් තරගය ලෙස එංගලන්තයට එරෙහිව පැවති ටෙස්ට් සංචාරයට ඇතුලත් වීමට හැකි විය. ඔහු ‘කාඩිෆ්’ (Cardiff) ක්‍රීඩා පිටියට අවතීර්ණ වූ නමුත් ඔහුගේ පළමු කඩුල්ල කෙවින් පීටර්සන් දවාගැනීමට හැකි වූයේ තෙවැනි ටෙස්ට් තරගයේදීය.
2010 වර්ෂයේදී ප්‍රසිද්ධ වෙන්දේසියේදී ඔහුගේ ප්‍රහාරාත්මක පිති හරබය මෙන්ම විශිෂ්ඨ පන්දු යැවීම චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ අවධානයට යොමු විය. ඉන් පසුව, ඔහු වර්ෂ 2013 දී චෙන්නායි හි පැවති වෙන්දේසියේදී හයිද්‍රාබාද් කණ්ඩායම විසින් ඇමරිකානු ඩොලර් 675,000 කට අධික මිලකට ලබා ගත්තේය. ඔහු වර්ෂ 2013 දී ඉන්දීය විස්සයි විස්ස ලීග් තරගාවලියේදී එස්ආර්එච් වෙනුවෙන් තරග 16 කදී කඩුලු 19 ක් දවා ගත්තේය. ඔහු කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම විසින් වර්ෂ 2014 දී මිලියන 16 කට මිලදී ගත් නමුදු එම තරඟාවලියට ඔහුට ක්‍රීඩා කිරීමට අවස්ථාව නොලැබිණි. affiliate link trace | Air Jordan 1 Retro High OG 'University Blue' — Ietp