30th December 2019 15:12:52 Hours
අධිෂ්ඨානය සහ උත්සහයේ ගමන, ත්‍රිවිධ හමුදා සාමාජිකයින් අතර ඇති ආත්ම විශ්වාසය, නොපසුබට උත්සහය සහ කැපවීම ප්‍රදර්ශණය කිරීම අරමුණු කරගනිමින් කුරිරු යුද්ධයෙන් තුවාල ලැබූ යුද්ධ හමුදාවේ සහ නාවික හමුදාවේ රණවිරුවන් දෙදෙනෙකුගේ ‘අධිෂ්ඨාන පාද යාත්‍රාව’ දින 36 ක දුෂ්කර ගමනාන්තයකින් පසුව ඉකුත් සෙනසුරාදා (28) දින කතරගම පුදබිමේදී ආගමික ආශිර්වාද සහ සුභ පැතුම් මධ්‍යයේ අවසන් කරනු ලැබීය.
ඉකුත් නොවැම්බර් මස 22 දින ගමන් ඇරඹූ ගජබා රෙජිමේන්තුවේ සාමාන්‍ය සෙබල (විශ්‍රාමික) ජේ.බී. පියතිස්ස (අන්ධ) සහ සුළු නිලධාරි (විශ්‍රාමික) එස්.බී.එස්. කුමාර (ශාරීරික ආබාධිත) යන රණවිරුවන් දෙදෙනා ඔවුන්ගේ චාරිකාව නාගදීප කෝවිලෙන් ආරම්භ කල අතර වවුනියාව, අනුරාධපුරය, දඹුල්ල, මහනුවර, සිරිපාදය, අවිස්සාවේල්ල, කළුතර, ගාල්ල, මාතර හරහා තංගල්ල යන ප්‍රදේශ පසු කරමින් දින 36 ක දුෂ්කර ගමනකින් පසුව ඔවුන්ගේ ගමනාන්තය වන කතරගම වෙත ළඟා වූ අතර එහිදී මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ, 12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඒ.එල්.පී.එස්. තිලකරත්න, පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ඩබ්ලිව්.බී.එස්.එම්. අබේසේකර ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, එම රණවිරුවන්ගේ පවුල් වල සාමාජිකයින් සහ යුද්ධ හමුදා සාමාජිකයින් රැසක් විසින් ඔවුන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
කතරගම දේවාලය සහ කිරි වෙහෙර පුදබිමේදී එම රණවිරුවන් දෙපලට ආශිර්වාද ලබාදෙමින් කිරි වෙහෙර පුද බිමේදී ඔවුන් වෙනුවෙන් විශේෂ ‘කප්රුක් පූජාවක්’ ද සූදානම් කර තිබිණි.Nike Sneakers | Nike Shoes