30th December 2019 09:30:52 Hours
දඹුල්ල, ඉනාමළුව ප්‍රදේශයේ ස්ථාපිත 53 වන සේනාංකයේ 26 වන සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් ප්‍රියන්ත සෙනෙවිරත්න පසුගිය ඉරිදා (29) දින පැවති හමුදා සම්ප්‍රදායානුකූල කෙටි උත්සවයකදී ආගමික ආශිර්වාද මධ්‍යයේ සිය ධූරයේ රාජකාරි අරඹන ලදී.
එම පරිශ්‍රය වෙත සපැමිණි නව සේනාංකාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මූරයක් පිරීනැමනු ලැබීය. ඉන් පසුව, එම සේනාංකයේ භටපිරිස් විසින් එතුමන් වෙත සම්මාන ආචාර පෙළපාලියේ ආචාරයද පිරිනමනු ලැබීය. චාරිත්‍රානුකූල පොල් තෙල් පහන දැල්වීමෙන් අනතුරුව නව සේනාංකාධිපතිතුමන් ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි ආරම්භ කළේය.
පසුව, 53 වන සේනාංකයේ නිලධාරීන් සහ සෙසු නිලයින් සමඟ කණ්ඩායම් ඡායාරූපයකට පෙනී සිටි අතර මෙම අවස්ථාව සංකේතවත් කරමින් නව සේනාංකාධිපතිතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළහ. එතුමන් විසින් සේනාංකයේ භටපිරිස් ඇමතූ අතර එම සේනාංකය සතු කාර්යභාරය හා ඒවා ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ මෙන්ම සිය සැලසුම් පිළිබඳ අදහස් දක්වනු ලැබීය. ඉන් අනතුරුව, එතුමන් සියළු නිල තේ පැන් සංග්‍රහයක් සඳහා ද සහභාගී විය.
මෙම අවස්ථාව සඳහා එම සේනාංකයේ මාණ්ඩලික නිලධාරින්, සියළු බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරින්, එම බලප්‍රදේශයේ සහ ඒකක නියෝජනය කරමින් සෙසු නිලයින් ද සහභාගී විය. Adidas shoes | Nike