Header

Sri Lanka Army

Defender of the Nation

30th December 2019 10:12:52 Hours

නව මේජර් ජෙනරාල් ඒ.ජී.ඩී.එන් ජයසුන්දර සිය රෙජිමේන්තුවේදී උණුසුම් අයුරින් පිළිගනී

දඹුලුහල්මිල්ලාවැව ප්‍රදේශයේ පිහිටි යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ නවතමයෙන් උසස්වීම් ලද මේජර් ජෙනරාල් ඒ.ජී.ඩී.එන් ජයසුන්දර ඉකුත් සෙනසුරාදා (28) දින එම රෙජිමේන්තු භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල උත්සවයක දී උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

එම පරිශ්‍රය වෙත සපැමිණි නව මේජර් ජෙනරාල් ජයසුන්දර, යාන්ත්‍රික පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එල්. එස්. බාලචන්ද්‍ර සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එස්.ජේ. ප්‍රියදර්ශණ විසින් පිළිගැනීමෙන් අනතුරුව යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන ආචාර මුරයක්ද පිරිනමනු ලැබීය. අනතුරුව, එතුමන් විසින් කුරිරු යුද්ධයෙන් මිය ගිය එම රෙජිමේන්තුවේ රණවිරුවන් හට පුෂ්පෝපහාර දැක්වීමෙන් පසුව එතුමන් හට එම රෙජිමේන්තුවේ භටපිරිස් විසින් සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවය පිරිනමනු ලැබීය. 

ඉන් අනතුරුව, එතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීමෙන් සහ කණ්ඩායම් ඡායාරූපයකට පෙනී සිටිමින් එම අවස්ථාව මතකයට එක් කරනු ලැබීය. තවද, එතුමන් සියලු නිල තේ පැන් සංග්‍රහයක් සඳහා සහභාගී වීමෙන් අනතුරුව දිනයේ වැඩ කටයුතු නිමා විය. Running sport media | Nike Off-White