Header

Sri Lanka Army

Defender of the Nation

28th December 2019 18:50:12 Hours

වන්නි ආඥාපතිතුමන් අයහපත් කාලගුණික තත්ත්වයන් ඇති විය හැකි රාජාංගනය සහ කලාවැව ප්‍රදේශ පිළිබඳ සොයා බලයි

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරි පසුගියදා රාජාංගනය, කලාවැව හා තලකොලවැව ජලාශ සහ එම ජලාශ ආශ්‍රි ප්‍රදේශවල සංචාරය කර මෑතකදී ඇතිවූ ගංවතුර තත්ත්වයෙන් සිදුවූ බලපෑම් පිළිබඳ සොයාබැලීය.

21 වන සේනාංක බලප්‍රදේශයේ පිහිටා ඇති කලාවැව සහ රාජාංගනය ජලාශවල ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළයාම හේතුවෙන් එම ජලාශවල වාන්දොරටු විවෘත කළ හොත් පහත් බිම්වල වෙසෙන ජනතාවට එම ප්‍රදේශවල ඇතිවිය හැකි ගංවතුර තත්ත්වය පිළිබඳ විමසිල්ලෙන් සහ සුපරීක්‍ෂාකාරීව සිටින ලෙසට දැනුම් දුන්හ.

එතුමන් ප්‍රදේශයේ අදාළ රාජ්‍ය නිලධාරීන් සමඟ අදහස් හුවමාරු කරගත් අතර හදිසි සැලසුම් පිළිබඳව සොයා බැලීය. Running sport media | balerínky