Header

Sri Lanka Army

Defender of the Nation

29th December 2019 14:59:28 Hours

යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව ලබන භටපිරිස් නත්තල් දිනයේදී නොමිලේ ශාකසාර බීම ලබාදෙයි

නත්තල් දින (25) සාලිය වැව යුද්ධ හමුදා වෘතීය පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක ගේ උපදෙස් පරිදි නත්තල් සැමරුම වෙනුවෙන් ප්‍රජා ව්‍යාපෘතියක් ලෙස ප්‍රදේශයේ සිවිල් වැසියන්ට නොමිලේ ඖෂධීය බීම ලබාදුන්හ.

මෙම ඖෂධීය පැන් දන්සල පැවැත්වීමට ප්‍රථමයෙන් යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ භටපිරිස් උත්සව අවස්ථාව වර්ණවත් කිරීම සඳහා ප්‍රධාන පිවිසුම අවට නත්තල සඳහා ආවේනික සැරසිවලින් අළංකාර කළ අතර සිය ගනනක් සිවිල් වැසියන් නත්තල් අසිරිය විදිමින් යුද හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ භටපිරිස් විසින් සංවිධානය කරන ලද ඖෂධීය පැන් දන්සල රස විදින ලදී. මෙම සත්කාරය සඳහා එම පුහුණු පාසලේ සියළුම නිලයින් සහය දක්වනු ලැබීය. Running Sneakers Store | Nike for Men