28th December 2019 18:55:12 Hours
යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 55 වන සේනාංකයේ 23 වන සංවත්සරය නිමිත්තෙන් 55 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සම්පත් කොටුවෙගොඩ ගේ උපදෙස් පරිදි 2019 දෙසැම්බර් මස 7 සිට 22 දක්වා කාලය තුළ විවිධ වැඩසටහන් කිහිපයක් එම සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී පවත්වනු ලැබීය.
55 වන සේනාංකයේ 23 වන සංවත්සරයට සමගාමීව මහා සංඝරත්නය විසින් රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ට පිං අනුමෝදන් කරමින් සේවයේ නියුතු රණවිරුවන්ට ආශීර්වාද එක් කළේය. තවද 55 වන සේනාංකය යටතේ පාලනය වන බලසේනා හා ඒකකයන්හී විවිධ ක්‍රීඩා අංශ වලින් දක්‍ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩකයින්ට වර්ණ හා කුසලාන පිරිනැමිම, යුද්ධ හමුදා ගෞරවාචාරයන් සහ සියළු නිල දිවා ආහාරය මෙන්ම සංගීත විනෝදාස්වාදයෙන් සංවත්ර උත්සවය වර්ණවත් වූහ.
සංවත්සරය පැවති සිකුරාදා (20) දින 55 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය පිරිනමනු ලැබීය.
දෙසැම්බර් මාසයේදී පැවැත්වූණු වොලිබෝල්, පාපන්දු, ක්‍රිකට්, කබඩි, එල්ලේ සහ කඹ ඇදීම යන තරඟයන්හී ජයග්‍රාහකයින් සඳහා සංවත්සරය වෙනුවෙන් ඉකුත් (22) දින එම කදවුරු පරිශ්‍රයේ පැවැති සංගීත ප්‍රසංගය අතරතුර ත්‍යාග හා කුසලාන පිරිනමනු ලැබීය. Authentic Sneakers | Nike Dunk - Collection - Sb-roscoff