Header

Sri Lanka Army

Defender of the Nation

26th December 2019 12:20:56 Hours

සූර්යග්‍රහණය නැරඹීම සඳහා මුලතිව් හි විශේෂ වැඩසටහනක්

වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් ඉකුත් බ්‍රහස්පතින්දා (26) දින උදෑසන සිවිල් සමාජයේ උනන්දුවක් දක්වන පුද්ගලයින් වෙත දුර්ලභ වළයාකාර සූර්යග්‍රහණය නැරඹීමට අවශ්‍ය පහසුකම් සලසා දී ඇත.

විශ්වවිද්‍යාල සිසුන්, පාසල් සිසුන් සහ සිවිල් වැසියන් මෙම සූර්යග්‍රහණය නැරඹීම සඳහා ආරක්ෂිත පහසුකම භාවිතා කළ අතර එය සැබවින්ම ඔවුන්ගේ ජීවිතවලට නව අත්දැකීමකි.

එම ස්ථානයේදීම කොළඹ ග්‍රහලෝකාගාරයේ ප්‍රවීණයන් නරඹන්නන්ට සූර්යග්‍රහණය පිළිබඳව විද්‍යාත්මකව පැහැදිලි කරමින් දුර්ලභ සංසිද්ධිය පිළිබඳව නිරීක්ෂකයින් දැනුවත් කළහ.

මෙම අවස්ථාව මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානයේ උපදෙස් පරිදි 59 වන සේනාංකයේ සම්බන්ධීකරණයෙන් පවත්වනු ලැබීය.Nike Sneakers Store | New Releases Nike