Header

Sri Lanka Army

Defender of the Nation

26th December 2019 12:10:56 Hours

54 වන සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරී අරඹයි

වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ මන්නාරම ප්‍රදේශයේ ස්ථාපිත 54 වන සේනාංකයේ 9 වන සේනාංකාධිපති ලෙස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් සුභාශන වැලිකල ඉකුත් සදුදා (23) දින සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.

54 වන සේනාංක මූලස්ථානය වෙත සපැමිණි නව සේනාංකාධිපතිතුමන් වෙත ප්‍රදාන දොරටුව අභියසදී හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනැමූ අතර එතුමන් වෙත සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවචාරයද හිමිවිය. පසුව එම අවස්ථාව සංකේතවත් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ නව සේනාංකාධිපතිතුමන් කාර්යාලයේදී හමුදා සම්ප්‍රදායානුකූලව නිල ලේඛනයකට අත්සන් තබමින් සිය ධුරයේ රාජකාරි ආරම්භ කළේය.

පසුව, එම සේනාංකයේ භටපිරිස් ඇමතු එතුමන් සියළු නිල තේ පැන් සංග්‍රහයට සහභාගී වූහ.  

මෙම අවස්ථාව සඳහා 541, 542 සහ 543 යන බලසේනාවන්හී බලසේනාධිපතිවරුන් සමගින් බලසේනා කර්නල් සහ කර්නල් ප්‍රධාන මාණ්ඩලික, 54 වන සේනාංකයේ ‍ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු එම සේනාංක මූලස්ථානයේ නිලධාරීන් සහ 54 වන සේනාංකය යටතේ ස්ථාපිත ඒකකයන්හී අණදෙන නිලධාරීන් සහභාගී වූහ. trace affiliate link | jordan Release Dates