26th December 2019 13:40:56 Hours
වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සම්බන්ධතාවයෙන් කෑගල්ල ‘සූරිය දරුවෝ’ පදනමේ ප්‍රධානී මෙන්ම අළුලෙන රජ මහා විහාරයේ වත්මන් සංඝනායක පූජ්‍ය අත්තනගොඩ සෝමවංශ මිහියන්ගේ ප්‍රධානත්වයෙන් වව්නියාව නගරයේ දුෂ්කර ගම්මානයක් වන නන්දිමිත්‍ර ගම්මානයේ ජීවත්වන අඩුආදායම්ලාභි පවුල්වල තෝරාගත් සිසුන් පිරිසකට ඉකුත් සඳුදා (23) දින පාසල් බෑග්, පොත්පත්, ලිපි ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය පාසල් උපකරණ තොගයක් පරිත්‍යාග කළේය.
වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරී ලුතිනන් කර්නල් ජී.ඒ.එල්. කිත්සිරි සිය මූලික අනුග්‍රහකත්වය ඇති මෙම අවස්ථාව සම්බන්ධීකරණය කරන ලදී. 56 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජාලිය සේනාරත්න ගේ අධීක්ෂණය යටතේ 563 බලසේනාවේ බලසේනාධිපතිගේ උපදෙස් මත එම බලසේනාවේ භට පිරිස් විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.
මෙම වැඩසටහන අතරතුර 563 වන බලසේනාවේ භට පිරිස් විසින් සියළුම සිසුන් සහ ඔවුන්ගේ දෙමාපියන්ට දිවා ආහාරය ලබා දුන්හ.
පරිත්‍යාගශීලි වැඩසටහන සඳහා අළුලෙන රාජා මහා විහාරස්ථානයේ වත්මන් ප්‍රධාන සංඝනායක පූජ්‍ය අත්තනගොඩ සෝමවංශ හිමියන් සහ වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි ඇතුළු 563 වන බලසේනාවේ සහ ඒ යටතේ ඇති ඒකකයන්හී අණදෙන නිලධාරීන් ද සහභාගී වූහ.best Running shoes | Air Jordan