Header

Sri Lanka Army

Defender of the Nation

28th December 2019 18:48:12 Hours

වන්නි යුද්ධ හමුදා සාමාජිකයින් විවිධ දුෂ්කරතා මධ්‍යයේ ජීවත්වන පවුලක් සඳහා තවත් නව නිවසක් ඉදි කිරිමට මුල්ගල තබයි

වන්නි කලාපයේ අලයාපත්තුව ග්‍රාමයේ අභ්‍යන්තර ගම්මානවලින් එකක් වන නවෝදාගම, කටුකැලියාව ගම්මානයේ අඩු ආදායම්ලාභි පවුලක් සඳහා තවත් නව නිවසක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබිම වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති වෙනුවට එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි 21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කුමා ජයපතිරණ විසින් ඉකුත් බ්‍රහස්පතින්දා (26) දින සිදු කරන ලදී.

එම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීගේ ඉල්ලීමකට ප්‍රතිචාරයක් ලෙස 21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කුමා ජයපතිරන ගේ සම්බන්ධිකරණයෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවය කරන මධුෂිකා කොස්තා මහත්මිය ඇයගේ පෞද්ගලික ධනයෙන් මෙම ව්‍යාපෘතිය සඳහා අනුග්‍රහය දැක්වීමට පොරොන්දු විය.

වයි.ඩබ්ලිව්. මනෝරා කුමාරි මහත්මිය තම දරුවන් දෙදෙනා සමඟ විවිධ ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ ජීවත්වන අතර එම පවුලට ස්ථිර රැකවරණයක් ද නොමැත. එම කරුණු සැලකිල්ලට ගෙන වයි. ඩබ්ලිව්. මනෝරා කුමාරි මහත්මිය වෙනුවෙන් ඉදිකරනු ලබන නව නිවසේ ඉදිකිරීම් කටයුතු 212 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් අනිල් පීරිස් ගේ උපදෙස් මත 5 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භට පිරිස් විසින් සිදු කරනු ලබයි.

මුල්ගල තැබිමේ උත්සව අවස්ථාවට පරිත්‍යාගශීලි මධුෂිකා කොස්තා මහත්මිය සහ ඇගේ දෙමව්පියන්, 212 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් අනිල් පීරිස් ඇතුළු ජ්‍යෙෂ්ඨ යුද්ධ හමුදා නිලධාරීන් පිරිසක් සහභාගී වූහ. Buy Sneakers | Nike Shoes