Header

Sri Lanka Army

Defender of the Nation

27th December 2019 16:13:50 Hours

15 වන (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තු ඒකකයේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් සාරාසාලේ ගම්මානයේ විවිධ දුෂ්කර තාවයන් ඇති පාසල් සිසුන් සඳහා පාසල් උපකරණ පරිත්‍යාග කරයි

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්ගේ උපදෙස් පරිදි 52 වන සේනාංකය යටතේ ස්ථාපිත 522 වන බලසේනාව යටතේ ඇති 15 (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් අවිස්සාවේල්ල දකුණේ පිහිටි ශාන්ත මරියා විද්‍යාලයේ අනුග්‍රහකත්වය ඇතිව යාපනය සාරාසාලේ හී ශ්‍රී ගනේෂා විද්‍යාලයේ ඉගෙනුම ලබන තෝරාගත් සිසුන් 16 දෙනෙකුන් වෙත ඉකුත් සිකුරාදා (27) දින පාසල් උපාංග තොගයක් පරිත්‍යාග කළේය.

වර්ෂ 2020 පාසල් වාරය ආරම්භ වීමට ආසන්නව බැවින් විවිධ දුෂ්කරතා මධ්‍යයේ ජීවත් වන පවුල්වල දුෂ්කරතා පිළිබඳව දැනගත් යුද්ධ හමුදා සාමාජිකියින් පාසල් ළමුන්ට රුකුලක් වෙමින් මෙම පරිත්‍යාග වැඩසටහන සංවිධානය කරන ලදී.

අවිස්සාවේල්ල ශාන්ත මරියා විද්‍යාලයේ විදුහල්පති හා කාර්ය මණ්ඩලය විසින් දැක්වු අනුග්‍රහකත්වය මත නත්තල් උත්සව සමයේ මෙම පරිත්‍යාග වැඩසටහන සංවිධානය කිරීමට යුද්ධ හමුදාවට හැකි වූ අතර සෑම ත්‍යාග පාර්සලයකටම 2020 අධ්‍යයන වර්ෂය සඳහා අවශ්‍ය පොත් ඇතුළු පාසල් උපාංග ඇතුළත් වූහ. ශ්‍රී ගනේෂා විද්‍යාල පරිශ්‍රයේ පැවති කෙටි බෙදාහැරීමේ උත්සව අවස්ථාව සඳහා එම පාසලේ විදුහල්පති, ගුරුවරුන්, 15 (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී සහ යුද්ධ හමුදා සාමාජිකයින්, නිලධාරීන් මෙන්ම සෙසුනිලයින් පිරිසක් ද සහභාගී වූහ.Sports News | Nike