26th December 2019 08:22:13 Hours
කොළඹ ජාතික රෝහලේ බලධාරීන් යුද්ධ හමුදාධිපතිතුමාගෙන් කරන ලද ඉල්ලීමකට දැක්වූ ප්‍රතිචාරයක් ලෙස 14 වන සේනාංකය යටතේ ස්ථාපිත 142 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 6 වන ගැමුණු හේවා බළඇණියේ සහ 11 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් රෝහලේ හෘද සැත්කම් වාට්ටුව ප්‍රතිසංස්කරණය කර එම වාට්ටුවේ මෙට්ට සහ කොට්ට තුල සිටි කෘමීන් ඉවත් කර පිරිසිදු කරන ලදී.
142 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි මෙම ව්‍යාපෘතිය දෙසැම්බර් මස 11 සහ 12 දිනයන්හි සිදුකරන ලදී. නිලධාරීන් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 20 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙම ප්‍රජා ව්‍යාපෘතියට සහභාගී වූහ.
භටපිරිස් හානියට පත් බිත්ති සිමෙන්ති යොදා පිලියම් කර තීන්ත ආලේප කරන ලදී.Running Sneakers | New Releases Nike