27th December 2019 18:10:27 Hours
නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයට අනියුක්තව සේවයේ යෙදි සිටින යුද්ධ හමුදා සාමාජිකයින් විසින් සංවිධානය කරන ලද නත්තල් දින ප්‍රශංගයට මධ්‍යම රාත්‍රී සේවා, නත්තල් කැරොල් ගී, නත්තල් සීයාගේ ආගමනය සහ විනෝදාත්මක අංගයන් රැසක් ඉදිරිපත් කරමින් අළංකාරයක් එක් කළහ. නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු සේනාවිධායක වරුන් සහ අණදෙන නිලධාරීන් එම ප්‍රදේශයේ පූජ්‍ය පක්‍ෂය සමගින් සාකච්ඡා කර මෙම අවස්ථාව සංවිධානය කළේය.
අඟහරුවාදා (24) දින චීන වරාය ශාන්ත අන්තෝනි දේවස්ථානයේ මධ්‍යම රාත්‍රියේ ආරම්භ වීමට තිබු ශුද්ධ වූ දේව මෙහෙයට පෙර නත්තල් කැරොල් ගී ප්‍රශංගය 22 වන සේනාංකයේ භට පිරිස් විසින් සංවිධානය කරන ලදී. මෙම උත්සවය සාර්ථකව සංවිධානය කිරිම සඳහා චීන වරාය ශාන්ත අන්තෝනි දේවස්ථානයේ ගරු ආචාර්ය ජෝර්ජ් දිසනායක පියතුමන් සහයෝගය දක්වන ලදී.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඒ. අයි. මාරසිංහ සමගින් ත්‍රිකුණාමලයේ අගරදගුරු ආචාර්ය ක්‍රිස්ටියන් නොයෙල් එමානුවෙල් සහභාගී වූ අතර තවද එම අවස්ථාවට ත්‍රිකුණාමලයේ නියෝජ්‍ය පොලිස්පති සුදත් නාගහමුල්ල මහතා, චීන වරායේ ස්ථාපිත ශ්‍රි ලංකා නාවික හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක එයාර් කොමඩෝර් ආර්.ඒ.යූ.පී රාපක්‍ෂ, සේනාංක, බලසේනා හා ඒකකයන්හී ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු විශේෂ ආරාධිතයින් පිරිසක් ද සහභාගී වූ අතර එම අවස්ථාව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සම්බන්ධීකරණයෙන් සියත රූපවාහිනියේ සජීවී විකාශය කරනු ලැබීය.
මේ අතර, 24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් චින්තක ගමගේ ගේ මඟ පෙන්වීම යටතේ අක්කරෙයිපත්තු 241 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ජානක විමලරත්න ගේ උපදෙස් පරිදි එම බලසේනාවේ සහ 11 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ යුද්ධ හමුදා සාමජිකයින් විසින් දෙසැම්බර් මස 23 වන දින නත්තල් කැරොල් ගී උත්සවයක් සංවිධානය කරන ලදී.
පසුව, උත්සවයේ කටයුතු ආරම්භ වූ අතර එහිදි ජ්‍යෙසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශුද්ධ වූ උපත සංකේතවත් කරමින් විවිධ නර්තන අංග සහ ප්‍රදර්ශන ඉදිරිපත් කරමින් සන්ධ්‍යාව එකාලෝකවත් කළේය.
මෙම නත්තල් උත්සව අවස්ථාව සඳහා ආගමික පූජකවරුන්, අම්පාර දිස්ත්‍රික් ලේකම්, ත්‍රිවිධ හමුදා සහ පොලිසියේ නිලධාරීන්, රජ්‍ය ආයතනයන්හී නිලධාරීන් සහ සිවිල් වැසියන් විශාල පිරිසක් සහභාගී වුහ.latest jordan Sneakers | UOMO, SCARPE