Header

Sri Lanka Army

Defender of the Nation

27th December 2019 18:01:27 Hours

මුලතිව් පල්ලියේ නත්තල් කැරොල් ගී ප්‍රතිරාව නැගේ

නත්තල් දින (25) යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සහාය ඇතිව මුලතිව් පල්ලිය සංවිධානය කරන ලද විශේෂ නත්තල් කැරොල් ගී ප්‍රශංගය කතෝලික ප්‍රජාව ආකර්ෂණය කරමින් වර්ණවත් අන්දමින් පැවැත්විය.

මෙම වැඩසටහන සඳහා ශාන්ත පීතර දේවස්ථානයේ පූජ්‍ය ජෝර්ජ් පියතුමා, පූජකවරුන්, සහෝදරියන් ඇතුළු බැතිමතුන් බොහෝ පිරිසක් සහ සිවිල් වැසියන් ද එක් වූහ.

ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න සහභාගී වූ අතර, තවද එම අවස්ථාවට ඉදිරි නඩත්තු ප්‍රදේශ අඥාපතිතුමන්, බලසේනාධිපතිවරුන් ඇතුළු නිලධාරීන් රැසක් සහභාගී වූහ.

එම ප්‍රදේශයේ ගීතිකා කණ්ඩාම් සහ යාපනයේ මියුරු ගීතිකා කණ්ඩායමේ සංගීතයට ප්‍රදේශයේ ගායන කණ්ඩායම් කිහිපයක් මියුරු නත්තල් බැති ගී ගායනා කළ අතර එයට මුසු වූ සිසුන්ගේ නර්තන අංගයන්ගෙන් එම අවස්ථාව වර්ණවත් වූහ. මෙම අවස්ථාවට සහභාගී වූ ළමුන් සඳහා ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයේ අධ්‍යක්ෂ අරුණප්‍රභා පෙරේරා මහත්මිය සහ කාර්ය මණ්ඩලයේ අනුග්‍රාහකත්වය ඇතිව වටිනා තෑගි පිරිනමන ලදී.spy offers | Air Jordan