26th December 2019 14:13:14 Hours
කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ 16 වන ආඥාපති ලෙස මේජර් ජෙනරාල් ජයන්ත ගුණරත්න ඉකුත් බ්‍රහස්පතින්දා (24) දින එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේදී නව ධූරයේ රාජකාරී අරම්භ කළේය.
කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයට සපැමිණි නව ආඥාපතිතුමන් වෙත 7 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිසක් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයේ සහ සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවචාරය පිරිනමනු ලැබීය.
නව ආඥාපතිතුමන් සිය කාර්යාලයේදී සාම්පාදායික පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් සිය ධූරයේ රාජකාරී භාරගනු ලැබීය. මෙම අවස්ථාව සංකේතවත් කරමින් ආරක්‍ෂක සේනා මුලස්ථාන පරිශ්‍රයේ පැළයක් රෝපණය කල නව ආඥාපතිතුමන් සියලුනිල තේපැන් සංග්‍රහයකට එක්විය. ආරක්‍ෂක සේනා මුලස්ථාන ශ්‍රවණාගාරයේදී භටපිරිස් ඇමතූ එතුමන් ඉදිරි වැඩ කටයුතු සහ අනාගත සිදුකළ යුතු කාර්යභාර්ය පිළිබඳ සෙනින් දැනුවත් කළහ.
මෙම අවස්ථාවට ඉදිරි නඩත්තු පෙදෙස - කිලිනොච්චි ආඥාපති, 66 වන සේනාංකයේ සේනාංකාධිපති, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූහ.
මීට ප්‍රථම, කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති ලෙස මේජර් ජෙනරාල් ජි. විජිත රවිප්‍රිය රාජකාරි කළේය. best Running shoes | [169220C] Stone Island Shadow Project (The North Face Black Box) – Hamilton Brown, Egret