Header

Sri Lanka Army

Defender of the Nation

26th December 2019 10:34:17 Hours

222 වන බලසේනාවේ භටපිරිස්හි සම්බන්ධිකරණයෙන් පාසල් උපකරණ පරිත්‍යාගයක්

22 වන සේනාංක මූලස්ථානය යටතේ ස්ථාපිත 222 වන බලසේනාවේ සහ විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් ඉකුත් සෙනසුරාදා (21) දින ‘Future Life Investments Limited’ ආයතනයේ අනුග්‍රහය ඇතිව නැගෙනහිර පළාතේ දෙහිවත්ත මහා විද්‍යාලයේ අධ්‍යාපනය හදාරණ අඩු ආදායම්ලාභි පවුල්වල සිසුන් 184 දෙනෙකු වෙත පාසල් උපකරණ බෙදාදීමේ උත්සවයක් සංවිධානය කරන ලදී.

‘Future Life Investments Ltd’ හි කළමණාකාර දනුෂ්ක උඩුගම මහතා සහ එම ආයතනයේ කාර්ය මණ්ඩලය අනුග්‍රහය ඇතිව නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති, 22 වන සේනාංකයේ සේනාංකාධිපති සහ 222 වන බලසේනාවේ බලසේනාධිපති ගේ උපදෙස් මත මෙම පූණ්‍ය වැඩසටහන සඳහා පවත්වන ලදී.

සෑම ත්‍යාග පාර්සලයකම පාසල් බෑගයක්, සපත්තු යුගලයක් (DSI), පාසල් නිල ඇඳුම්, දිවා ආහාර පෙට්ටියක්, 2020 වර්ෂය සඳහා අවශ්‍ය සියලුම අභයාස පොත් සහ වතුර බෝතලයක් අඩංගු විය.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 222 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් එම්.ජි.ඩබ්ලිව්. විමලසේන සහභාගි වූ අතර 222 වන බලසේනාවේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරී, 22 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී සහ බලසේනාවේ හා ඒකකයේ නිලධාරීන් සහභාගි වූහ.latest Running Sneakers | Nike Air Force 1 Shadow White/Atomic Pink-Sail For Sale – Fitforhealth