26th December 2019 11:54:56 Hours
මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති ලෙස පුරා මාස 9 කට ආසන්න කාලයක් රාජකාරී කර මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ඉකුත් සඳුදා (23) දින එම ආරක්‍ෂක සේනා මුලස්ථාන පරිශ්‍රයේ පැවැති හමුදා සම්ප්‍රදායානුකූල උත්සවයකදී සිය ධුරයෙන් නික්ම යනු ලැබීය.
නික්ම යන කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් වෙත 8 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාලියක් පිරිනැමීමෙන් අනතුරුව සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් 58 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් ජයන්ත ගුණරත්න වෙත සිය ධූරයේ රාජකාරී භාරදෙන ලදී.
මෙම අවස්ථාව සංකේතවත් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ නික්ම යන ආඥාපතිතුමන් සියලුම නිලයින් සමඟ සමුහ ඡායාරූපයකට ද පෙනී සිටියහ. ඉන් අනතුරුව, භටපිරිස් ඇමතූ නික්ම යන ආඥාපතිතුමන් තමාට දැක්වූ සහයෝගයට සියලුදෙනාට ස්තූතිය පුද කළ අතර නව ආඥාපතිතුමන්ට ද එසේ සහයෝගය ලබාදෙන මෙන් සියලුදෙනාගෙන් ඉල්ලා සිටියේය.
නික්ම යන ආඥාපතිතුමන්ගේ විධිමත් සමුගැනීමේ රාත්‍රී භෝජන සංග්‍රහයට ඉදිරි නඩත්තු පෙදෙස - කිලිනොච්චි ආඥාපති, 66 වන සේනාංකයේ සේනාංකාධිපති, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ අනෙකුත් නිලධාරීන් රැසක් සහභාගි වූහ.Authentic Nike Sneakers | FASHION NEWS