Header

Sri Lanka Army

Defender of the Nation

26th December 2019 19:50:13 Hours

වන්නි භටපිරිස් නත්තල් බැති ගී ප්‍රසංගය ශාන්ත ජොශප් දේවස්ථානයේදී අති උත්කර්ෂවත් අයුරින් පවත්වයි

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරි ගේ උපදෙස් මත එම ආරක්‍ෂක සේනා මුලස්ථානය විසින් ඉකුත් ඉරිදා (22) දින මැදවච්චිය ශාන්ත ජෝශප් දේවස්ථානයේදී විශේෂ නත්තල් බැති ගී ප්‍රසංගයක් සංවිධානය කරන ලදී.

ශාන්ත ජෝශප් දේවස්ථානයේ පැවැති මෙම උත්සවය පාසල් සිසුන් සහ ඔවුන්ගේ දෙමව්පියන්ගෙන් සැදුම්ලත් ගීතිකා කණ්ඩායම් විසින් වර්ණවත් විය. නත්තල් බැති ගී ප්‍රසංගය සඳහා සහභාගි වූ සියලුම සිසුන්ට ඔවුන්ගේ අධ්‍යයන කටයුතු සඳහා දිරි දීමනා වශයෙන් වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානය ත්‍යාග ලබාදුන්හ.

එම අවස්ථාවේදීම දේවස්ථානයේ පූජකවරු දෘශ්‍යාබාධ සහිත තෝරාගත් කතෝලික පූජකවරුන් සහ සහෝදරියන් පිරිසකට ඇස් කණ්නාඩි පරිත්‍යාගයක් ද සිදු කළහ.

මෙම වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා කඳාන ද මැසනඩ් විද්‍යාලයේ විදුහල්පති පූජ්‍ය දිලීප් ජයමහා පියතුමා, මැදවච්චිය ශාන්ත ජෝශප් දේවස්ථානයේ පියවරුන් හා සහෝදරියන්, දෙමාපියන් සහ සිසුන් දායකත්වය දැක්වූහ.

කතෝලික ආගම අදහන යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසක් මෙම විශේෂ නත්තල් බැති ගී ප්‍රසංගය පැවැත්වීමට සහයෝගය ලබාදුන්හ.Running Sneakers | Best Nike Air Max Shoes 2021 , Air Max Releases and Deals