24th December 2019 08:45:36 Hours
මීට තෙමසකට පෙර අපවත්වී වදාළ පූජ්‍ය කොළඹ මේධාලංකාර හිමිපාණන්ගේ තෙමස් සැමරුම දෙසැම්බර් මස 20 සහ 21 යන දෙදින තුළ පැවැත්වීම සඳහා මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 59 වන සේනාංක මූලස්ථානයේ භටපිරිස් සහ 593 වන බලසේනා මූලස්ථානයේ භටපිරිස්හි පූර්ණ සහයෝගය ලබාදෙයි.
මුලතිව් ගුරුකන්ද විහරස්ථානයේ හිටපු නායක හිමි වන මේධාලංකාර හිමියන් කොළඹ රෝහලක වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටියදී අපවත් විය.
විහාරස්ථාන දයාක සභාවේ (ගිහියන්ගේ) ඉල්ලීම පරිදි 59 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් මත එම විහරස්ථාන පරිශ්‍රයේදී අපවත්වී වදළා නායක හිමිපාණන්ට පිං පමුණුවමින් අණුස්මරණ පිංකමක් සහ දානයමය පිංකමක් පවත්වනු ලැබූහ. Mysneakers | Saucony Lanzar JAV 2 - Unisex , Worldarchitecturefestival