Header

Sri Lanka Army

Defender of the Nation

22nd December 2019 11:34:50 Hours

වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් ඉදිකළ 13 වන නව නිවස අඩු ආදායම්ලාභි පවුලක් වෙත තිළිණ කරයි

වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය සිය ප්‍රජාව අරමුණු කරගත් සේවාවන් තව තවත් සක්‍රීය කරමින් තන්තිරිමලේ රන්පත්විල නිවාස ව්‍යාපෘතිය යටතේ හමුදාව විසින් ඉදිකරන ලද 13 වන නව නිවස ඉකුත් බ්‍රහස්පතින්දා (19) දින විවෘත කරන ලදී.

වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරි ගේ උපදෙස් පරිදි 212 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් අනිල් පීරිස්ගේ මඟ පෙන්වීම යටතේ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භට පිරිස් විසින් මෙම නිවසේ ඉදිකිරිම් කටයුතු සිදු කරන ලදී. 21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කුමා ජයපතිරණ විසින් නිවස අධීක්ෂණය කිරීමෙන් අනතුරුව චාරිත්‍රානුකූලව ප්‍රතිලාභියා වන අජන්ත වික්‍රමාරච්චි මහතා සහ ඔහුගේ පවුල වෙත එම නිවස පවරා දුන්හ.

යුද හමුදා භටපිරිස්හි අවධානයට යොමු වන විට අජන්ත වික්‍රමාරාචි මහතා සිය දරුවන් තිදෙනා සමඟ නවාතැන් පහසුකම් නොමැතිව විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දෙමින් ඉතා අසිරු තත්ත්වයක සිටියේය. ඕස්ට්‍රේලියාවේ වෙසෙන දානපතියෙකු වන දමිත් කහවේ මහතා අන්‍යයන්ට ආදර්ශයක් වෙමින් විවිධ දුෂ්කරතා මධ්‍යයේ ජීවත් වන පවුල සඳහා නව නිවස ඉදිකිරීමට මූලික අනුග්‍රහකත්වය ලබා දුන්නේය.

සාලය, කෑම කාමරය, නිදන කාමර ආදී සියලු පහසුකම් වලින් සමන්විත මෙම නවතමයෙන් ඉදිකරන ලද නිවසට අත්‍යාවශ්‍ය ගෘහ උපකරණ, විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ තොගයක් ඇතුළු රු. 100,000/= ද විවෘත කිරීමේ කෙටි උත්සවයේදී ඔවුන්ට තෑගි කරන ලදී. මීට අමතරව, රුපියල් ලක්ෂයකට වඩා වටිනා නවීන විදුලි නළ ළිඳක් ද ප්‍රතිලාභියාට පරිත්‍යාග කරන ලදී.

නවතමයෙන් ඉදිකරන ලද නිවස ප්‍රතිලාභියා වෙත පරිත්‍යාග කිරිමේ උත්සව අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කුමා ජයපතිරණ සහභාගී විය. එහිදි ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් නව නිවසේ යතුරු නිවස් හිමියා වෙත භාරදීමේ කටයුතු සිදු කරන ලදී.

මෙම නව නිවස විවෘත කිරිමේ උත්සව අවස්ථාව සඳහා 212 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන්, වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්, 5 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ අණදෙන නිලධාරී සහ ප්‍රතිලාභීන්ගේ පවුලේ සාමාජිකයින් මෙන්ම එම ගම්මානයේ බොහෝ පිරිසක් සහභාගී වූහ. latest Running Sneakers | NIKE HOMME