Header

Sri Lanka Army

Defender of the Nation

23rd December 2019 16:04:45 Hours

මුලතිව් නත්තල් බැති ගී ප්‍රසංගය ශාන්ත ජෝසප් දේවස්ථානයේදී අති උත්කර්ෂවත් අයුරින් පවත්වයි

මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 68 වන සේනාංක මූලස්ථානය විශේෂ නත්තල් බැති ගී ප්‍රසංගයක් පුදුකුඩිඉරිප්පු ශාන්ත ජෝශප් දේවස්ථානයේදී ඉකුත් ඉරිදා (22) දින සංවිධානය කරන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මුලිතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න සහභාගී වූ අතර යාපනය ප්‍රදේශය භාර පියතුමන් වන පූජ්‍ය පී.ජේ. ජෙබරත්නම් පියතුමන් සහ 59 හා 64 වන සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන් ද සහභාගි වූහ.

ප්‍රදේශයේ කතෝලික සිසුන්ගේ ගීතිකා කණ්ඩායම් යුද්ධ හමුදා සංගීත කණ්ඩායම සමඟ එක්ව ජේසුස් වහන්සේගේ උපත සිහිපත් කරමින් ගීතිකා ගායනා කළහ.

මෙම අවස්ථාවට දායකත්වය දැක්වූ සිසුන් හට නත්තල් සීයා විසින් ත්‍යාග බෙදා දුන්හ.

මෙම අවස්ථාව සඳහා කතෝලික පූජකවරුන්, සොහොයුරියන්, බලසේනාධිපතිවරුන්, රාජ්‍ය නිලධාරීන්, ප්‍රදේශවාසීන් සහ ළමුන් විශාල පිරිසක් එක්ව සිටියහ. latest Nike release | Nike Air Max 270