Header

Sri Lanka Army

Defender of the Nation

24th December 2019 06:29:36 Hours

59 වන සේනාංකයේ නව සේනාංකාධිපතිතුමන් සිය ධූරයේ රාජකාරී අරඹයි

බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එල්.පී.ඩබ්ලිව් පෙරේරා මුලතිව් හි පිහිටි 59 වන සේනාංකයේ 16 වෙනි සේනාංකාධිපති ලෙස ඉකුත් බ්‍රහස්පතින්දා (19) දින සේනාංක මූලස්ථානයේදී නව ධූරයේ රාජකාරී අරම්භ කළේය.

59 වන සේනාංක මූලස්ථානය වෙත සපැමිණි නව සේනාංකාධිපතිතුමන් වෙත ප්‍රදාන දොරටුව අභියසදී හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනැමූ අතර එතුමන් වෙත සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවචාරයද හිමිවිය. පසුව හමුදා සම්ප්‍රදායානුකූලව එතුමන් නිල ලේඛනයකට අත්සන් කරමින් සිය ධුරයේ රාජකාරි ආරම්භ කිරිමෙන් පසු සේනාංකයේ භටපිරිස් ඇමතූහ.

මෙම අවස්ථාව සඳහා එම මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරීන්, 591, 592 සහ 593 බලසේනාවන්හී බලසේනාධිපතිවරුන්, ඒකක අණදෙන නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසක් ද සහභාගී වූහ. Sportswear Design | Nike News